වසංගත

වසංගතයක් යනු කුමක්ද?

වසංගයක් යනු යම්කිසි රෝගයක් ගෝලීය වශයෙන් පැතිර යාමයි. ඉතිහාසය පුරා මේ සඳහා උදාහරණ රැසක් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 මාර්තු 12 දින සිදුකළ ප්‍රකාශයට අනුව මෑත කාලින වසංගතය වන්නේ කොවිඩ්-19 යි. මුලින්ම ජනපදයක් තුළ ඇති වී පසුව විශේෂ කලාපයක් හෝ කලාප තුළ රෝගයක් ලෙස වේගයෙන් පැතිර යාම, වසංගතයක් සාමාන්‍යයෙන් හැඳින්විය හැකි සරලතම ආකාරයයි.

වසංගයක් ගැන ඔබ දැන සිටිය යුතු හා පවතින කාලයේදී කළ යුතු දේ මොනවාද?

ඔබේ ශරීරය බෝවීමෙන් වැලකී පවත්වාගැනීම සඳහා අවශ්‍ය යහපත් සෞඛ්‍ය පුරුදු සැමවිටම අනුගමනය කරන්න. සමබර ආහාර අනුභව කරන්න දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්න. දිනපතා ව්‍යායාම කරන්න. ආතතිය පාලනය කරගන්න. අවශ්‍ය තරම් විවේකය හා නින්ද ලබාගන්න. සබන් සහ ජලයෙන් හෝ දෑත් සේදීමේ දියරයක් මගින් නිතර දෑත් සෝදා පිරිසිදු කරගන්න. රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයින් ඇසුරු කිරීම සීමා කරන්න හෝ වැලකී සිටින්න. (අවම වශයෙන් අඩි 3ක පරතරයක් නිර්දේශ කර ඇත) ඔබේ ඇස් නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න. කහින හා කිවිසුම් හරින විටදී ඔබේ නාසය හා මුඛය ටිෂූ එකකින් ආවරණය කරගන්න. ඔබ අසනීපයෙන් පසුවන්නේ නම් අන් අයගෙන් හැකි තරම් ඈත් වී සිටින්න. උණ රෝගී ලක්ෂණ මතුවී ඇත්නම් නිවසේ රැඳී සිටින්න. ඔබට සාත්තු කිරීම සඳහා එක් පුද්ගලයෙක් පමණක් තෝරාගන්න. සියලූම අයගේ පෞද්ගලික දෑ වෙන් වෙන්ව තබාගන්න. නිවසේ හෝ සේවා ස්ථානයේ ඇති දොර අගුල්, ස්විච, අල්ලූ, පරිගණක, දුරකථන, සෙල්ලම් බඩු හා නිතර ස්පර්ශ කෙරෙන වෙනත් දේ විෂබීජහරණය කරන්න. ඉතා උණුසුම් ජලය හා සබන් භාවිතයෙන් පිරිසිදුකිරීම් සිදුකරන්න ඔබ සාමාන්‍යයෙන් සිදුකරන ආකාරයට සියලූම අයගේ ඇඳුම් සම්මත රෙදි සෝදන යන්ත්‍රයක් මගින් සෝදාගන්න. කිළිටි ඇඳුම් ඇල්ලීමෙන් පසු පිරිසිදුකාරකයක් හා තද උණුසුම් ජලයෙන් ඔබේ දෑත් සෝදාගන්න. ශරීරයෙන් පිටවන තරල ස්පර්ශ කිරීමේදී හෝ පිරිසුිදු කිරීමේදී පාවිච්චි කර ඉවත දමන අත්වැසුම් භවිතා කරන්න.

වසංගතයකින් පසු කළ යුතු දේ මොනවාද?

සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට පුරුදු වන්න.
නිසි සනීපාරකෂාව පවත්වාගැනීම පුරුද්දක් කරගන්න.
මුඛ ආවරණ, අත්වැසුම් වැනි ආරක්ෂක ද්‍රව්‍යය පළඳින්න.