භූමි කම්පා

භුමි කම්පාවක් යනු කුමක්ද?

භූමිකම්පාවක් යනු පෘථීවියේ කොටස් දෙකක් හදිසියේම එකිනෙක පසුකර යන විටදී ඇතිවන ක්‍රියාවකි. ඇතැම් අවස්ථාවලදී භූමිකම්පාවකට කලින් පෙර කම්පන පවතී. විශාල භූමිකම්පාව සිදුවන තුරු පෙරකම්පනයක් භූමිකම්පාවක් ලෙස හැඳින්වීමට විද්‍යාඥයින්ට නොහැකිය. විශාලතම ප්‍රධාන භූමිකම්පාව ප්‍රධාන කම්පනය ලෙස හැඳින්වෙයි. ප්‍රධාන කම්පනයෙන් පසු සැමවිටම පසුකම්පන ඇතිවේ.

භූමිකම්පාවක් ගැන සහ එය සිදුවන අවස්ථාවේදී කළ යුතු දේ ගැන ඔබ දැන සිටිය යුත්තේ මොනවාද?

භූමිකම්පාවක් සිදුවන විටදී ශක්තිමත් ගෘහභාණ්ඩයක් යටට ගොස් එය තදින් අල්ලාගෙන සිටින්න. හදිසි සූදානම්වීම් කට්ට්ලයක් සකස් කරගන්න. ආපදාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයින් කල් තියාම දැනුවත් කර තබන්න. යමක් සිදුවීමට පෙර සාකච්ඡා කිරීම බිය දුරු කිරීමට උපකාරී වේ. සවිමත් ගෘහ භාණ්ඩයක් යට හෝ නිවසේ ඇතුළත බිත්තියකට හේත්තුවී, ඔබේ ශරීරය මත යම් යම් දේ නොවැටෙන සේ ආරක්ෂිතව සිටින්න. ප්‍රවෘත්තිවලට කන්දීමේ පහසුකම් ළ`ග තබාගන්න. ඇඳවල්, කවිච්චි මෙන්ම නිවසේ සාමාජිකයින් වාඩි වි සිටින හෝ නිදාගන්නා ස්ථාන අසළ පින්තූර කණ්නාඩි වැනි බර දේවල් එල්ලා තැබීමෙන් වලකින්න. විශාල සහ පහසුවෙන් බිෙඳන භාණ්ඩ නිවසේ පහළ රාක්කවල තබන්න. බර වැඩි, උස සහ පහසුවෙන් එහා-මෙහා යා හැකි ගෘහභාණ්ඩ බිත්තියකට සම්බන්ධ කර තබන්න. ඔබ සිටින්නේ වාහනයක නම් එළිමහන් ස්ථානයකට ගොස් නතර කර තබාගන්න. සෙළවීම නතර වන තුරු ආසන පටි පැළඳ සිටින්න. ඔබ ජීවත්වන්නේ කඳුකර ප්‍රදේශයක නැතිනම් අස්ථාවර බෑවුම් හෝ ප්‍රපාත සහිත ප්‍රදේශයක නම් ගල් හා වෙනත් සුන්බුන් පෙරලීම හා නායයාම් ගැන අවධානයෙන් සිටින්න.

භූමිකම්පාවකින් පසුව කළ යුත්තේ කුමක්ද?

ඔබ වාහනයක සිටින්නේ නම් සෙලවීම් නතර වූ පසු ප්‍රවේශමෙන් ධාවනය කරන්න. පාලම් කැඩී තිබීමට ඉඩ ඇති හෙයින් හැකි තරම් එවා මගහරින්න. ඔබේ වාහනය මත විදුලි රැහැන් කඩා වැටී ඇත්නම් පිටතට නොයා උදවු ලැඛෙන තුරැ රැඳී සිට්න්න. කුඩා ගිනි ගැනීම් සොයා නිවා දමන්න. භුමිකම්පාවකින් පසු බොහෝවිට ගිනි උපද්‍රව ඇතිවි හැකියි. අන් අයට උදවු කිරීමට පෙර ඔබට තුවාල සිදුවී ඇතිදැයි පරීක්ෂා කරන්න. ඔබ ජීවත් වන්නේ වෙරළබඩ ප්‍රද්ශයක නම් ඇතිවිය හැකි පසුකම්පන හෝ සුනාමියකට මුහුණදීමට සූදානම්ව සිටින්න.