නායයාම

නායයාමක් යනු කුමක්ද?

කඳුපාමුල ප්‍රදේශවල ටිකෙන් ටික හානි ඇති කරමින් සෙමෙන් සිදුවන හෝ දේපොළ හා ජීවිත විනාශ කරමින් අනපෙක්ෂිත ලෙස එක්වරම ඇතිවන භූමි සංචලන නාය යාම් ලෙස විග්‍රහ කිරීමට පුඵවන. අධික වර්ෂාව, භූමිකම්පා නසා පොළ ලොව සෙලවීම හා ගුරැත්වාකර්ෂණය වැනි ස්වභාවික බලවේග බොහෝ නායයාම් වලට හේතු වේ.

නායයාමක් ගැන ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?

ඔබගේ පවුලට හා ව්‍යාපාරයට ඉවත්ව යාමේ සැලසුමක් සකස් කර එය ප්‍රායෝගිකව පුහුණු වී සිටින්න.
නායයාමක් සිදු වූ අවස්ථාවකදි කළ හැකි දේ සම්බන්ධව ඔබගේ නිවසේ සිටින සියලූ දෙනා සමගම සාකච්ඡා කරන්න.
අනතුරු ඇගවීම් වලට කන්දෙමින් ඇහැරී සිටින්න. නායයාම් නිසා බොහෝ මරණ සිදුවන්නේ ජනතාව නිදා සිටින අතරතුරේය.
අධික වර්ෂාව සම්බන්ධයෙන් දේශීය විකාශන මගින් ලබාදෙන අනතුරු ඇ`ගවීම් වලට බැටරි මගින් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍රයක් මගින් සවන් දෙමින් සිටින්න.
ඉවත්ව යාම ආරක්ෂිත ක්‍රියාවක් නම් එසේ කිරීම ගැන අවධානය යොමුකරන්න.
රට තුළ ඇතිවන හදිසි අවස්ථා ප්‍රතිචාර ගැන හා ඉවත්ව යාමේ සැලසුම් ගැන දැනුවත් වී සිටින්න.
ඔබ ජීවත්වන ප්‍රදේශ්‍ය වටා ඇති භූමිය ගැන හොඳින් හුරුපුරුදු වී සිටින්න.
ආසන්නතම අනතුරක් ගැන ඔබට සැකයක් ඇත්නම් වහාම ඉවත් වන්න.
ඔබට හැකිනම් බලපෑමට ලක්වූ අසල්වැසියන්ට දන්වා ඔබේ පොදු සේවකයින්, ගිනි නිවීම් හෝ පොලිස් දෙපර්තමේන්තුව සම්බන්ධ කරගන්න.
ගස් කඩාවැටීම හෝ ගල් කුට්ටි එකිනෙක ගැටීම වැනි නායයාමක් ඇතිවීමේ අනතුරු හගවන අසාමාන්‍ය ශබ්දවලට කන්දෙන්න.
ඔබ ජීවත්වන්නේ ගංගාවක් හෝ ජල මාර්ගයක් ආසන්නයේ නම් හදිසියේ ඇතිවිය හැකි ජල මට්ටම ඉහළ යාම හෝ පහළ යාම ගැන අවධානයෙන් සිටින්න.
ඉවත්ව යන ලෙස ඔබට දැනුම් දී ඇත්නම් හෝ තීරණය කර ඇත්නම් ඔබ ඇති කරන සතුන් රැගෙන යාමට අමතක නොකරන්න.

නායයාමකින් පසු කළ යුත්තේ කුමක්ද?

නායගොස් ඇති ප්‍රදේශයට කෙළින්ම ඇතු`ඵ නොවී තුවාල වී සිටින හෝ සිරවී සිටින පුද්ගලයින් පිළිබඳව විමිසිලිමත් වන්න. දරුවන්, ආබාධිත සහ මහඵ පුද්ගලයින් වැනි විශේෂ උපකාර අවශ්‍ය අසල්වැසියන්ට උදවු කරන්න. දේශීය ගුවන්විදුලි හා රූපවාහිනී විකාශ මගින් ලබාදෙන අලූත්ම හදිසි තත්ත්ව තොරතුරු වලට සවන් දෙන්න. නායයාමක් හෝ සුන්බුන් පාවී යාමකින් පසු ඇතිවිය හැකි ගංවතුර පිළිබඳව අවධානයෙන් සිටින්න.