Disasters
Tsunami
Floods
Cyclones
Wildfire
Pandemic
Earthquake
Droughts
Landslide
Chemical
Nuclear
Training
Guide
Contact us
Menu
Disasters
Tsunami
Floods
Cyclones
Wildfire
Pandemic
Earthquake
Droughts
Landslide
Chemical
Nuclear
Training
Guide
Contact us
ගංවතුර
ගංවතුරක් කියන්නේ මොකක්ද?
ලෝකයේ ඇති වඩාත් සුලභ හා වඩාත් විනාශකාරී ස්වභාවික විපත් වලින් එකක් ලෙස ගංවතුර සැලකිය හැකිය. දින කීපයක් පුරා අධික වර්ෂාව පැවතීම, වේල්ලක් පුපුරා යාම හෝ ගංගාවක් පිටාර ගැලීම නිසා අවට ඇති භූමිය සම්ූර්ණයෙන්ම ජලයෙන් යටවීම ගංවතුරක් ලෙස හැඳින්වේ.
ගංවතුරක් ඇති වූ විටදී ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?
ගංවතුර පවතින කාලය තුළදී කළ යුතු දේ ගැන ඔබේ පවුලේ සාමාජිකයින් සමග කතාබහ කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් ඇතු`ඵ සියලූ දෙනාගේ බිය පහව යාමට එය හේතුවක් වේ. ඔබේ පවුලේ සියලූ සාමාජිකයින්ට හදිසි මුදල් අවශ්‍යතාවයන් සපුරාගත හැකි බවට සැක හැර දැනගන්න. NOAA කාලගුණ ගුවන් විදුලි විකාශය හෝ දේ්ශීය ගුවන්විදුලි විකාශයක් සමග සැමවිටම එක්වී සිටින්න. විශේෂයෙන්ම ගංවතුර අවදානම සහිත ප්‍රදේශයක් නම් ඔබ ජීවත්වන භූමිය පිටාර ගැලීමකින් යටවිය හැකිදැයි යන්න ගැන සුපරීක්ෂාකාරී වන්න. වැදගත් ලියකියවිලි හා අනෙකුත් වැදගත් දේ ආරක්ෂිත පෙට්ටියක් තුළ දමා එAවායෙහි පිටපත් ඔබ රැගෙන යන කළමනා බෑගයෙහි දමාගන්න. තවදුරටත් ආරක්ෂාකාරී වීම සඳහා අවශ්‍ය නම් එම පිටපත් පෙන් ඩ්‍රයිව් එකටද ඇතුළත් කරගත හැකිය. ඔබ ඇතිකරන සතුන්ට ගංවතුර කාලය තුළදී ඉහළ ස්ථානයකට යා හැකිදැයි යන්න ගැන විමසිලිමත් වන්න. ඔබ ජීවත් වන්නේ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශයක නම් ඔබේ නිවස ඉහළ මට්ටමකට ගෙන එම මගින් ගංවතුරෙන් සිදුවන හානි වම කරගත හැකි වෙයි. එසේම නාන කාමරයට උණු ජලය ලබාගන්නා හීටරය හා නිවසේ විදුලි සැපයුම් පැනලය ගංවතුරට යටවීමේන් වලක්වාගත හැකි උසකින් සවිකරන්න. ගංවතුරක් පැමිණිය හැකි බව දැනගත් පසු වැලි පිරවූ බෑග් මගින් හෝ අඩියක් පමණ උසඅඩි 20ක් පමණ දිග තාප්පයක් සකස් කරන්න. බාත් ටබ් හා සින්ක් වල දිගු කාලයක් ගබඩා කර තැබූ ජලයට එවායෙහි ආලේප කර ඇති ඊයම් කාන්දුවීමට ඉඩ ඇති නිසා එAවා බීමට හෝ ඔබේ දරුවන්ට ස්නානය කිරීම සඳහා භාවිතයට නොගන්න. හැකි ඉක්මනින් ඉවත්ව යාමට සූදානමින් සිටි යුතු අතර ඔබ ගමන් කරන මාර්ග හා නවතින ස්ථාන ගැන හොඳින් දැනුවත් වී සිටින්න. බීම සඳහා පිරිසිදු ජලය ප්ලාස්ටික් බෝතල්වලට පුරවා ගන්න. වැසිකිළි පිරිසිදු කිරීම, ගෙබිම සේදීම හා ඇඳුම් සේදීම වැනි කාර්යයන් සඳහා බාත්ටබ් හා සින්ක් වලට වතුර පුරවා තබන්න. ඔබගේ හදිසි පිටත්ව යාමට පහසුවක් වන සේ වාහනයේ ඉන්ධන ටැංකිය පුරවා තබන්න. ඔබට කාලය තිබේ නම් ගෘහභාණ්ඩ හා අනෙකුත් වටිනා දේ නිවසේ උසම ස්ථානයෙහි තබන්න. එමෙන්ම විදුලි කාන්දුවීම් නිසා ඇතිවිය හැකි හානි වැලැක්වීම සඳහා සියලූම විදුලි උපකරණවල ප්ලග් ගලවා තබන්න.
ගංවතුරකින් පසු කළ යුත්තේ කුමක්ද?
විෂ සහිත ද්‍රව්‍ය මුසු වී තිබීමට හෝ භයානක කෘමීන් හෝ සතුන් සිටීමට ඉඩ ඇති නිසා ගංවතුරෙන් පිරුණු ජලය ඇල්ලීමෙන් වලකින්න. ගංවතුරට යටවී ඇති ගෑස් හෝ විදුලි උපකරණ භාවිතා කිරීමෙන් වලකින්න. ගංවතුර සමග ගැටී ඇති සියලූ ආහාර ද්‍රව්‍ය ඉවත් කරන්න. එමෙන් ජල මූලාශ්‍රවල ජලය පිරිසිදු බව තහවුරු වන තුරු නළ ජලය උණු කර පානය කරන්න. ඔබ මෙන්ම ඔබේ දරුවන්ද ගංවතුරට යට වූ ස්ථානවල රැඳී සිටීමෙන් වලකින්න. ජල මට්ටම වේගයෙන් ඉහළ යන, ගංවතුරට යටවූ මාර්ගයකට පිවිසුනහොත් වහාම වාහනයෙන් බැස උස් ස්ථානයකට යන්න. අපවිත්‍රවී ඇති ජලය භාවිතා නොකරන්න. ඔබේ නිවස තුළ හෝ වටපිටාවෙහි සිටිය හැකි සතුන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔබේ නිවසෙහි පිටත ඇති විදුලි රැහැන් කඩා වැටී ඇත්නම් මඩ සහිත හෝ ජලය පිරී ඇති ස්ථාන වලට යාමෙන් වලකින්න.