The Survival School http://thesurvivalschool.com Sun, 03 May 2020 10:21:19 +0000 si hourly 1 https://wordpress.org/?v=5.4.19 http://thesurvivalschool.com/wp-content/uploads/2020/05/TSS-Logo.jpg The Survival School http://thesurvivalschool.com 32 32 න්‍යෂ්ටික ආපදාවක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94/#respond Sun, 03 May 2020 10:16:54 +0000 https://thesurvivalschool.com/?p=2718 වසංගතයක් යනු කුමක්ද? වසංගයක් යනු යම්කිසි රෝගයක් ගෝලීය වශයෙන් පැතිර යාමයි. ඉතිහාසය පුරා මේ සඳහා උදාහරණ රැසක් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 මාර්තු 12 දින සිදුකළ ප්‍රකාශයට අනුව මෑත කාලින වසංගතය වන්නේ කොවිඩ්-19 යි. මුලින්ම ජනපදයක් තුළ ඇති වී පසුව විශේෂ කලාපයක් හෝ කලාප තුළ රෝගයක් ලෙස වේගයෙන් පැතිර යාම, වසංගතයක් සාමාන්‍යයෙන් හැඳින්විය […]

The post න්‍යෂ්ටික ආපදාවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

වසංගතයක් යනු කුමක්ද?

වසංගයක් යනු යම්කිසි රෝගයක් ගෝලීය වශයෙන් පැතිර යාමයි. ඉතිහාසය පුරා මේ සඳහා උදාහරණ රැසක් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 මාර්තු 12 දින සිදුකළ ප්‍රකාශයට අනුව මෑත කාලින වසංගතය වන්නේ කොවිඩ්-19 යි. මුලින්ම ජනපදයක් තුළ ඇති වී පසුව විශේෂ කලාපයක් හෝ කලාප තුළ රෝගයක් ලෙස වේගයෙන් පැතිර යාම, වසංගතයක් සාමාන්‍යයෙන් හැඳින්විය හැකි සරලතම ආකාරයයි.

වසංගයක් ගැන ඔබ දැන සිටිය යුතු හා පවතින කාලයේදී කළ යුතු දේ මොනවාද?

  • ඔබේ ශරීරය බෝවීමෙන් වැලකී පවත්වාගැනීම සඳහා අවශ්‍ය යහපත් සෞඛ්‍ය පුරුදු සැමවිටම අනුගමනය කරන්න.
  • සමබර ආහාර අනුභව කරන්න
  • දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්න.
  • දිනපතා ව්‍යායාම කරන්න.
  • ආතතිය පාලනය කරගන්න.
  • අවශ්‍ය තරම් විවේකය හා නින්ද ලබාගන්න.
  • සබන් සහ ජලයෙන් හෝ දෑත් සේදීමේ දියරයක් මගින් නිතර දෑත් සෝදා පිරිසිදු කරගන්න.
  • රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයින් ඇසුරු කිරීම සීමා කරන්න හෝ වැලකී සිටින්න. (අවම වශයෙන් අඩි 3ක පරතරයක් නිර්දේශ කර ඇත)
  • ඔබේ ඇස් නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න.
  • කහින හා කිවිසුම් හරින විටදී ඔබේ නාසය හා මුඛය ටිෂූ එකකින් ආවරණය කරගන්න.
  • ඔබ අසනීපයෙන් පසුවන්නේ නම් අන් අයගෙන් හැකි තරම් ඈත් වී සිටින්න.
  • උණ රෝගී ලක්ෂණ මතුවී ඇත්නම් නිවසේ රැඳී සිටින්න.
  • ඔබට සාත්තු කිරීම සඳහා එක් පුද්ගලයෙක් පමණක් තෝරාගන්න.
  • සියලූම අයගේ පෞද්ගලික දෑ වෙන් වෙන්ව තබාගන්න.
  • නිවසේ හෝ සේවා ස්ථානයේ ඇති දොර අගුල්, ස්විච, අල්ලූ, පරිගණක, දුරකථන, සෙල්ලම් බඩු හා නිතර ස්පර්ශ කෙරෙන වෙනත් දේ විෂබීජහරණය කරන්න.
  • ඉතා උණුසුම් ජලය හා සබන් භාවිතයෙන් පිරිසිදුකිරීම් සිදුකරන්න
    ඔබ සාමාන්‍යයෙන් සිදුකරන ආකාරයට සියලූම අයගේ ඇඳුම් සම්මත රෙදි සෝදන යන්ත්‍රයක් මගින් සෝදාගන්න.
  • කිළිටි ඇඳුම් ඇල්ලීමෙන් පසු පිරිසිදුකාරකයක් හා තද උණුසුම් ජලයෙන් ඔබේ දෑත් සෝදාගන්න.
  • ශරීරයෙන් පිටවන තරල ස්පර්ශ කිරීමේදී හෝ පිරිසුිදු කිරීමේදී පාවිච්චි කර ඉවත දමන අත්වැසුම් භවිතා කරන්න.

වසංගතයකින් පසු කළ යුතු දේ මොනවාද?

  • සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට පුරුදු වන්න.
  • නිසි සනීපාරකෂාව පවත්වාගැනීම පුරුද්දක් කරගන්න.
  • මුඛ ආවරණ, අත්වැසුම් වැනි ආරක්ෂක ද්‍රව්‍යය පළඳින්න.

The post න්‍යෂ්ටික ආපදාවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94/feed/ 0
වසංගතයක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 10:11:53 +0000 https://thesurvivalschool.com/?p=2714 න්‍යෂ්ටික ආපදාවක් යනු කුමක්ද? ජත්‍යන්තර පරමාණුක බලශක්ති එජන්සිය විසින් අර්ථ දක්වා ඇති පරිදි ජනතාවට, පරිසරයට හෝ වෙනත් පහසුකම්වලට සැලකිය යුතු තරම් ප්‍රතිවිපාක ඇති කළ හැකි න්‍යෂ්ටික හා විකිරණ අනතුරක් න්‍යෂ්ටික ආපදාවක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයින්ට මරාන්තික බලපෑම් ඇතිකිරීම, විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට බැහැරවීම හෝ ප්‍රතික්‍රියාකාරක හරය දියවීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. න්‍යෂ්ටික පිපිරීම, න්‍යෂ්ටික ද්‍රව්‍ය […]

The post වසංගතයක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

න්‍යෂ්ටික ආපදාවක් යනු කුමක්ද?

ජත්‍යන්තර පරමාණුක බලශක්ති එජන්සිය විසින් අර්ථ දක්වා ඇති පරිදි ජනතාවට, පරිසරයට හෝ වෙනත් පහසුකම්වලට සැලකිය යුතු තරම් ප්‍රතිවිපාක ඇති කළ හැකි න්‍යෂ්ටික හා විකිරණ අනතුරක් න්‍යෂ්ටික ආපදාවක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයින්ට මරාන්තික බලපෑම් ඇතිකිරීම, විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට බැහැරවීම හෝ ප්‍රතික්‍රියාකාරක හරය දියවීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. න්‍යෂ්ටික පිපිරීම, න්‍යෂ්ටික ද්‍රව්‍ය වැටීම හා විකිරණය මෙම ආපදාවෙහි ආකාර 3 වන අතර මේවායින් බේරී සිටීම ප්‍රධාන වශයෙන් දුර, ආවරණය හා කාලය මත රඳා පවතී.

න්‍යෂ්ටික ආපදාවක් ගැන ඔබ දැන සිටිය යුතු හා අතරතුරේදී කළ යුතු දේ මෙනවාද?

  • තම ප්‍රජාව අතර ක්ෂණිකව දැනුම් දිය හැකි ක්‍රමයක් ජනතාව විසින් කල්තියාම තෝරාගෙන සිටීම වැදගත්ය.
  • බිම දිගාවී ඔබේ හිස ආවරණය කරගන්න. පිපිරීම සිදුවූයේ යම් දුරක නම් පිපිරීම් රැළි මගින් පහරදීමට තත්පර 30ක් හෝ වැඩි කාලයක් ගනී.
  • පුළිගු හෝ ගිනි බෝල දෙස නොබලන්න. එවා මගින් ඔබේ ඇස් අන්ධ විය හැකිය.
  • ඔබ සිටින්නේ පිටත නම් හා ඉක්මනින් ඇතුළට යා නොහැකි නම් මුඛ ආවරණයකින්, රෙද්දකින් හෝ තුවායකින් ඔබේ නාසය හා කට අවරණය කරගන්න.
  • පොළෝ තලයේ සිට ඔබ සැතපුම් ගණනක් දුරින් සිටියද හැකි තරම් ඉක්මනින් ආවරණයක් තුළට යන්න.
    ඉවත්ව යාම ඔබේ යහපතට වඩාත්ම සුදුසු වේ නම් අනිවර්යයෙන් එය සිදුකරන්න.
  • ඔබේ සමාජය තුළ තිඛෙන න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැටෙන්නට ඉඩ ඇති බවට නිගමනය කර ඇති පොදු ගෙඩනැගිලි පිළිබඳව බලධාරීන්ගෙන් විමසා දැනගන්න.
  • නිල තොරතුරු විකශයකට සවන් දී හදිසි අවස්ථා ප්‍රතිචාර දක්වන්නන් විසින් ලබාදෙන උපදෙස් පිළිපදින්න.
  • ප්‍රහාරය පිළිබඳව කලින් අනතුරු ඇගවීමක් කර ඇත්නම්, ඔබට හැකිනම් පොළොව ඇතුළත ස්ථානයක හෝ වෙනත් ස්ථානයක හැකි තරම් ඉක්මනින් ආවරණය වී බලධාරීන් විසින් දැනුම් දෙන තුරු එහි රැඳී සිටින්න.
  • ආසන්නතම ගොඩනැගිලක් (ගඩොල් හෝ කොන්ක්‍රිට්වලින් නිමවා ඇත්නම් වඩා සුදුසුය) සොයාගෙන පිටත ඇති විකිරණශීලී දව්‍යයන්ගෙන් බේරීම සඳහා එ තුළට යන්න.
  • පහසුකම් ඇත්නම් හැකි තරම් පොළව යටට හෝ උස ගොඩනැගිල්ලක මැදට යන්න.
  • පිටත සිට ඇතුළට වාතය රැගෙන එන විදුලි පංකා, වායුසමීකරණ හා ප්‍රබල වායු උණුසුම් කිරීමේ යන්ත්‍ර හැකි නම් අක්‍රිය කරන්න.
  • බලධාරීන් විසින් දැනුම්දීමක් කර නොමැති විටදී අවම වශයෙන් පැය 24ක් වත් එම ස්ථානයේ රැඳී සිටින්න.

 

න්‍යෂ්ටික ආපදාවකින් පසු කළ යුත්තේ කුමක්ද?

  • පිපිරුම අතරතුර හෝ පිපිරුමෙන් පසු ඔබ පිටත සිටියේ නම් ඔබේ ශරීරයේ රැඳී තිබිය හැකි විකිරණශීලී ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා හැකි ඉක්මනින් පිරිසිදු වන්න.
  • ප්‍රායෝගිකව කළ හැකි නම් අපද්‍රව්‍ය සහිත ඔබේ ඇඳුම් ප්ලස්ටික් බෑගයක් දමා මුද්‍රා තබන්න නැත්නම් තදින් ගැටගසන්න. විකිරණවලින් අන් අයට බලපෑම් ඇති නොකරන සේ එම බෑගය මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් හැකි තරම් ඈතින් තබන්න.
  • විකිරණශීලී ද්‍රව්‍ය සිරුරින් ඉවත්වන සේ හැකිනම් සබන් සහ ජලය වැඩි ප්‍රමාණයක් භවිතා කරමින් ස්නානය කරන්න. සම තදින් ඇතිල්ලීමෙන් හා සීරීමෙන් වලකින්න.
  • ෂැම්පු හෝ සබන් යෙදා ඔබේ හිසකෙස් සෝදහරින්න. විකිරණශීලී දව්‍ය ඔබේ හිසකෙස් සමග බන්ධනය වී පහසුවෙන් සේදී යාම වලක්වන බැවින් කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් වලකින්න.
  • ඔබේ නාසය සෙමෙන් සූරා හැර ඇසිපිය හ ඇහිපිහාටු පිරිසිදු තෙත රෙද්දකින් පිසදා හරින්න. ඔබේ කන් දෙකද ප්‍රවේශමෙන් පිරිසිදු කරන්න.
  • ඔබට ස්නානය කිරීමට අපහසුවක් ඇත්නම් ඔබේ ශරීරයේ ඇඳුම් මගින් ආවරණ නොවූ කෙටස් පිරිසිදු තෙත රෙද්දක් මගින් පිසදා හරින්න.
  • අත්‍යෘවශ්‍ය බඩු භාණ්ඩ ලබාගැනීම, නිවැරදි තොරතුරු ලබාගැනීම හා අන් අයට උදවු කිරීම වැනි ඔබට එ අවස්ථාවේදී ගත හැකි ධනාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන්න.
  • යම්කිසි ස්ථානයක රැඳී සිටින විට විවිධ ආකාරයේ මානසික හැගීම් ඇතිවීම පොදු කරුණක් වන බැවින් ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න.
  • මාධ්‍යට අධික ලෙස හෝ නැවත නැවත නිරාවරණය වීමෙන් ආතතිය, අවිනිශ්චිතභාවය හා බිය ඉහළ යා හැකිය. කුඩා දරුවන්ට මෙය විශේෂයෙන් බලපායි.
  • ඔබගේ ශාරීරික සෞඛ්‍ය අවශ්‍යතාවයන් ගැන පරීක්ෂාකාරී වන්න.

The post වසංගතයක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
නායයාමක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 10:07:10 +0000 https://thesurvivalschool.com/?p=2709 නායයාමක් යනු කුමක්ද? කඳුපාමුල ප්‍රදේශවල ටිකෙන් ටික හානි ඇති කරමින් සෙමෙන් සිදුවන හෝ දේපොළ හා ජීවිත විනාශ කරමින් අනපෙක්ෂිත ලෙස එක්වරම ඇතිවන භූමි සංචලන නාය යාම් ලෙස විග්‍රහ කිරීමට පු`ඵවන. අධික වර්ෂාව, භූමිකම්පා නසා පොළ ලොව සෙලවීම හා ගුරැත්වාකර්ෂණය වැනි ස්වභාවික බලවේග බොහෝ නායයාම් වලට හේතු වේ. නායයාමක් ගැන ඔබ දැන සිටිය යුතු හා කළ […]

The post නායයාමක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

නායයාමක් යනු කුමක්ද?

කඳුපාමුල ප්‍රදේශවල ටිකෙන් ටික හානි ඇති කරමින් සෙමෙන් සිදුවන හෝ දේපොළ හා ජීවිත විනාශ කරමින් අනපෙක්ෂිත ලෙස එක්වරම ඇතිවන භූමි සංචලන නාය යාම් ලෙස විග්‍රහ කිරීමට පු`ඵවන. අධික වර්ෂාව, භූමිකම්පා නසා පොළ ලොව සෙලවීම හා ගුරැත්වාකර්ෂණය වැනි ස්වභාවික බලවේග බොහෝ නායයාම් වලට හේතු වේ.

නායයාමක් ගැන ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?

  • ඔබගේ පවුලට හා ව්‍යාපාරයට ඉවත්ව යාමේ සැලසුමක් සකස් කර එය ප්‍රායෝගිකව පුහුණු වී සිටින්න.
    නායයාමක් සිදු වූ අවස්ථාවකදි කළ හැකි දේ සම්බන්ධව ඔබගේ නිවසේ සිටින සියලූ දෙනා සමගම සාකච්ඡා කරන්න.
  • අනතුරු ඇගවීම් වලට කන්දෙමින් ඇහැරී සිටින්න. නායයාම් නිසා බොහෝ මරණ සිදුවන්නේ ජනතාව නිදා සිටින අතරතුරේය.
  • අධික වර්ෂාව සම්බන්ධයෙන් දේශීය විකාශන මගින් ලබාදෙන අනතුරු ඇගවීම් වලට බැටරි මගින් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍රයක් මගින් සවන් දෙමින් සිටින්න.
  • ඉවත්ව යාම ආරක්ෂිත ක්‍රියාවක් නම් එසේ කිරීම ගැන අවධානය යොමුකරන්න.
  • රට තුළ ඇතිවන හදිසි අවස්ථා ප්‍රතිචාර ගැන හා ඉවත්ව යාමේ සැලසුම් ගැන දැනුවත් වී සිටින්න.
  • ඔබ ජීවත්වන ප්‍රදේශ්‍ය වටා ඇති භූමිය ගැන හොඳින් හුරුපුරුදු වී සිටින්න.
  • ආසන්නතම අනතුරක් ගැන ඔබට සැකයක් ඇත්නම් වහාම ඉවත් වන්න.
  • ඔබට හැකිනම් බලපෑමට ලක්වූ අසල්වැසියන්ට දන්වා ඔබේ පොදු සේවකයින්, ගිනි නිවීම් හෝ පොලිස් දෙපර්තමේන්තුව සම්බන්ධ කරගන්න.
  • ගස් කඩාවැටීම හෝ ගල් කුට්ටි එකිනෙක ගැටීම වැනි නායයාමක් ඇතිවීමේ අනතුරු හ`ගවන අසාමාන්‍ය ශබ්දවලට කන්දෙන්න.
  • ඔබ ජීවත්වන්නේ ගංගාවක් හෝ ජල මාර්ගයක් ආසන්නයේ නම් හදිසියේ ඇතිවිය හැකි ජල මට්ටම ඉහළ යාම හෝ පහළ යාම ගැන අවධානයෙන් සිටින්න.
  • ඉවත්ව යන ලෙස ඔබට දැනුම් දී ඇත්නම් හෝ තීරණය කර ඇත්නම් ඔබ ඇති කරන සතුන් රැගෙන යාමට අමතක නොකරන්න.


නායයාමකින් පසු කළ යුත්තේ කුමක්ද?

  • නායගොස් ඇති ප්‍රදේශයට කෙළින්ම ඇතු`ඵ නොවී තුවාල වී සිටින හෝ සිරවී සිටින පුද්ගලයින් පිළිබඳව විමිසිලිමත් වන්න.
  • දරුවන්, ආබාධිත සහ මහ`ඵ පුද්ගලයින් වැනි විශේෂ උපකාර අවශ්‍ය අසල්වැසියන්ට උදවු කරන්න.
  • දේශීය ගුවන්විදුලි හා රූපවාහිනී විකාශ මගින් ලබාදෙන අලූත්ම හදිසි තත්ත්ව තොරතුරු වලට සවන් දෙන්න.
  • නායයාමක් හෝ සුන්බුන් පාවී යාමකින් පසු ඇතිවිය හැකි ගංවතුර පිළිබඳව අවධානයෙන් සිටින්න.

The post නායයාමක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
රසායනික ආපදාවක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a/#respond Sun, 03 May 2020 10:03:18 +0000 https://thesurvivalschool.com/?p=2706 රසායනික ආපදාවක් යනු කුමක්ද? රසායනික අපදාවක් යනු ජනතාවගේ සෞඛ්‍යයට හෝ පරිසරයට හානිදායක වන ද්‍රව්‍යය එකක් හෝ කීපයක් අපරීක්ෂාකාරී ලෙස මුදා හැරීමයි. ඇතැම් රසායනික ද්‍රව්‍ය සු`ඵ ප්‍රමාණයක් ආරක්ෂාකාරී මෙන්ම ප්‍රයෝජනවත් වන නමුත් විශාල ප්‍රමාණයන් හෝ ඇතැම් තත්ත්වයන් යටතේ හානිදායක වන්නට පු`ඵවන. හුස්ම ගැනීම මගින් ආහාර, ජලය හෝ ෙඖෂධ සමග මිශ්‍ර වීමෙන්, රසායනික ද්‍රව්‍ය ඇල්ලීමෙන්, ඇඳුම් හෝ […]

The post රසායනික ආපදාවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

රසායනික ආපදාවක් යනු කුමක්ද?

රසායනික අපදාවක් යනු ජනතාවගේ සෞඛ්‍යයට හෝ පරිසරයට හානිදායක වන ද්‍රව්‍යය එකක් හෝ කීපයක් අපරීක්ෂාකාරී ලෙස මුදා හැරීමයි. ඇතැම් රසායනික ද්‍රව්‍ය සු`ඵ ප්‍රමාණයක් ආරක්ෂාකාරී මෙන්ම ප්‍රයෝජනවත් වන නමුත් විශාල ප්‍රමාණයන් හෝ ඇතැම් තත්ත්වයන් යටතේ හානිදායක වන්නට පු`ඵවන. හුස්ම ගැනීම මගින් ආහාර, ජලය හෝ ෙඖෂධ සමග මිශ්‍ර වීමෙන්, රසායනික ද්‍රව්‍ය ඇල්ලීමෙන්, ඇඳුම් හෝ එ සමග ගැටී ඇති වෙනත් දේ පරිහරණය මගින් ඔබ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය විය හැකිය.

රසායනික ආපදාවක් ගැන හා එවැනි සිදුවීමකදී ඔබ දැන සිටිය යුතු දේ මොනවාද?

  • තවත් ද්‍රව්‍යයන් සමග මුසු කර ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නට යාම මගින්, භාවිතය පිළිබඳ ලබා දී ඇති උපදෙස් නොපිළිපැදීමෙන්, අපරීක්ෂාකාරී ලෙස ගබඩාකර තැබීමෙන් හෝ බැහැර කිරීමෙන් නිවසේදී රසායනක අනතුරු සිදුවිය හැකිය. නොදන්නා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් වලකින්න. නිතරම උපදෙස් කියවා පිළිදින්න.
  • රසායනික ද්‍රව්‍ය නිවැරදව ගබඩා කර තබන්න. ගෘහාශ්‍රිත රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කිරීමේදී දුම්පානයෙන් වලකින්න. එමෙන්ම භාවිතයට නොගන්නා රසායනික ද්‍රව්‍ය නිවැරදි ක්‍රමවලට බැහැර කරන්න.
  • ජීවිතවලට අනතුරුදායක හදිසි අවස්ථාවන්වලදී දුකථනය පමණක් භාවිතා කරමින් 119 වෙත ඇමතුමක් ලබාදෙන්න.
  • ඔබට යම් ආවරණය වූ තැනකට යන ලෙස උපදෙස් ලැබුනහොත් ඇතුළට ගොස් සියලූ දොර ජනෙල් හා කවු`ඵ වසා දමා, විදුලි පංකා, උණුසුම් කිරීමේ හෝ ශීතකිරීමේ උපකරණ ක්‍රියාවිරහිත කරන්න. පවුලේ සාමාජිකයින් හා සුරතල් සතුන් ආරක්ෂිත කාමරයකට ඇතු`ඵ කර සියලූ දොර ජනෙල් කාන්දු නොවන සේ මු`ඵමනින්ම වසා දමා හදිසි ගුවන්විදුලි සේවාවන් මගින් ලබාදෙන උපදෙස්වලට ඇහුම්කන් දෙන්න.
  • හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ඔබට උපදෙස් ලැබුනහොත් ෙඖෂධ වැනි අවම ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන වහාම නිවසින් පිටවන්න.
  • නගරයෙහි ඇති වේගවත් මාර්ග ගැන කලින් දැනුවත් වී සිටින්න.


රසායනික ආපදාවකින් පසු කළ යුත්තේ කුමක්ද?

  • නිසි බලධාරීන් විසින් තහවුරු කරන තුරු හා උපදෙස් දෙන තුරු ඇතුළතම රැඳී සිටින්න.

The post රසායනික ආපදාවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a/feed/ 0
භුමි කම්පාවක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b7%e0%b7%94%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b7%e0%b7%94%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 09:56:50 +0000 https://thesurvivalschool.com/?p=2700 භුමි කම්පාවක් යනු කුමක්ද? භූමිකම්පාවක් යනු පෘථීවියේ කොටස් දෙකක් හදිසියේම එකිනෙක පසුකර යන විටදී ඇතිවන ක්‍රියාවකි. ඇතැම් අවස්ථාවලදී භූමිකම්පාවකට කලින් පෙර කම්පන පවතී. විශාල භූමිකම්පාව සිදුවන තුරු පෙරකම්පනයක් භූමිකම්පාවක් ලෙස හැඳින්වීමට විද්‍යාඥයින්ට නොහැකිය. විශාලතම ප්‍රධාන භූමිකම්පාව ප්‍රධාන කම්පනය ලෙස හැඳින්වෙයි. ප්‍රධාන කම්පනයෙන් පසු සැමවිටම පසුකම්පන ඇතිවේ. භූමිකම්පාවක් ගැන සහ එය සිදුවන අවස්ථාවේදී කළ යුතු දේ […]

The post භුමි කම්පාවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

භුමි කම්පාවක් යනු කුමක්ද?

භූමිකම්පාවක් යනු පෘථීවියේ කොටස් දෙකක් හදිසියේම එකිනෙක පසුකර යන විටදී ඇතිවන ක්‍රියාවකි. ඇතැම් අවස්ථාවලදී භූමිකම්පාවකට කලින් පෙර කම්පන පවතී. විශාල භූමිකම්පාව සිදුවන තුරු පෙරකම්පනයක් භූමිකම්පාවක් ලෙස හැඳින්වීමට විද්‍යාඥයින්ට නොහැකිය. විශාලතම ප්‍රධාන භූමිකම්පාව ප්‍රධාන කම්පනය ලෙස හැඳින්වෙයි. ප්‍රධාන කම්පනයෙන් පසු සැමවිටම පසුකම්පන ඇතිවේ.

භූමිකම්පාවක් ගැන සහ එය සිදුවන අවස්ථාවේදී කළ යුතු දේ ගැන ඔබ දැන සිටිය යුත්තේ මොනවාද?

  • භූමිකම්පාවක් සිදුවන විටදී ශක්තිමත් ගෘහභාණ්ඩයක් යටට ගොස් එය තදින් අල්ලාගෙන සිටින්න.
    හදිසි සූදානම්වීම් කට්ට්ලයක් සකස් කරගන්න.
  • ආපදාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයින් කල් තියාම දැනුවත් කර තබන්න. යමක් සිදුවීමට පෙර සාකච්ඡා කිරීම බිය දුරු කිරීමට උපකාරී වේ.
  • සවිමත් ගෘහ භාණ්ඩයක් යට හෝ නිවසේ ඇතුළත බිත්තියකට හේත්තුවී, ඔබේ ශරීරය මත යම් යම් දේ නොවැටෙන සේ ආරක්ෂිතව සිටින්න.
  • ප්‍රවෘත්තිවලට කන්දීමේ පහසුකම් ළග තබාගන්න.
  • ඇඳවල්, කවිච්චි මෙන්ම නිවසේ සාමාජිකයින් වාඩි වි සිටින හෝ නිදාගන්නා ස්ථාන අසළ පින්තූර කණ්නාඩි වැනි බර දේවල් එල්ලා තැබීමෙන් වලකින්න.
  • විශාල සහ පහසුවෙන් බිෙඳන භාණ්ඩ නිවසේ පහළ රාක්කවල තබන්න.
  • බර වැඩි, උස සහ පහසුවෙන් එහා-මෙහා යා හැකි ගෘහභාණ්ඩ බිත්තියකට සම්බන්ධ කර තබන්න.
  • ඔබ සිටින්නේ වාහනයක නම් එළිමහන් ස්ථානයකට ගොස් නතර කර තබාගන්න.
  • සෙළවීම නතර වන තුරු ආසන පටි පැළඳ සිටින්න.
  • ඔබ ජීවත්වන්නේ කඳුකර ප්‍රදේශයක නැතිනම් අස්ථාවර බෑවුම් හෝ ප්‍රපාත සහිත ප්‍රදේශයක නම් ගල් හා වෙනත් සුන්බුන් පෙරලීම හා නායයාම් ගැන අවධානයෙන් සිටින්න.

 

භූමිකම්පාවකින් පසුව කළ යුත්තේ කුමක්ද?

  • ඔබ වාහනයක සිටින්නේ නම් සෙලවීම් නතර වූ පසු ප්‍රවේශමෙන් ධාවනය කරන්න. පාලම් කැඩී තිබීමට ඉඩ ඇති හෙයින් හැකි තරම් එවා මගහරින්න.
  • ඔබේ වාහනය මත විදුලි රැහැන් කඩා වැටී ඇත්නම් පිටතට නොයා උදවු ලැඛෙන තුරැ රැඳී සිට්න්න.
  • කුඩා ගිනි ගැනීම් සොයා නිවා දමන්න. භුමිකම්පාවකින් පසු බොහෝවිට ගිනි උපද්‍රව ඇතිවි හැකියි.
  • අන් අයට උදවු කිරීමට පෙර ඔබට තුවාල සිදුවී ඇතිදැයි පරීක්ෂා කරන්න.
  • ඔබ ජීවත් වන්නේ වෙරළබඩ ප්‍රද්ශයක නම් ඇතිවිය හැකි පසුකම්පන හෝ සුනාමියකට මුහුණදීමට සූදානම්ව සිටින්න.

The post භුමි කම්පාවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%b7%e0%b7%94%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
ගංවතුරක් කියන්නේ මොකක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%9c%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%9c%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 08:55:14 +0000 https://thesurvivalschool.com/?p=2677 ගංවතුරක් කියන්නේ මොකක්ද? ලෝකයේ ඇති වඩාත් සුලභ හා වඩාත් විනාශකාරී ස්වභාවික විපත් වලින් එකක් ලෙස ගංවතුර සැලකිය හැකිය. දින කීපයක් පුරා අධික වර්ෂාව පැවතීම, වේල්ලක් පුපුරා යාම හෝ ගංගාවක් පිටාර ගැලීම නිසා අවට ඇති භූමිය සම්ූර්ණයෙන්ම ජලයෙන් යටවීම ගංවතුරක් ලෙස හැඳින්වේ. ගංවතුරක් ඇති වූ විටදී ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද? ගංවතුර […]

The post ගංවතුරක් කියන්නේ මොකක්ද? appeared first on The Survival School.

]]>

ගංවතුරක් කියන්නේ මොකක්ද?

ලෝකයේ ඇති වඩාත් සුලභ හා වඩාත් විනාශකාරී ස්වභාවික විපත් වලින් එකක් ලෙස ගංවතුර සැලකිය හැකිය. දින කීපයක් පුරා අධික වර්ෂාව පැවතීම, වේල්ලක් පුපුරා යාම හෝ ගංගාවක් පිටාර ගැලීම නිසා අවට ඇති භූමිය සම්ූර්ණයෙන්ම ජලයෙන් යටවීම ගංවතුරක් ලෙස හැඳින්වේ.

ගංවතුරක් ඇති වූ විටදී ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?

  • ගංවතුර පවතින කාලය තුළදී කළ යුතු දේ ගැන ඔබේ පවුලේ සාමාජිකයින් සමග කතාබහ කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් ඇතුඵ සියලූ දෙනාගේ බිය පහව යාමට එය හේතුවක් වේ.
  • ඔබේ පවුලේ සියලූ සාමාජිකයින්ට හදිසි මුදල් අවශ්‍යතාවයන් සපුරාගත හැකි බවට සැක හැර දැනගන්න.
  • ගුවන් විදුලි විකාශය හෝ දේ්ශීය ගුවන්විදුලි විකාශයක් සමග සැමවිටම එක්වී සිටින්න.
  • විශේෂයෙන්ම ගංවතුර අවදානම සහිත ප්‍රදේශයක් නම් ඔබ ජීවත්වන භූමිය පිටාර ගැලීමකින් යටවිය හැකිදැයි යන්න ගැන සුපරීක්ෂාකාරී වන්න.
  • වැදගත් ලියකියවිලි හා අනෙකුත් වැදගත් දේ ආරක්ෂිත පෙට්ටියක් තුළ දමා එවායෙහි පිටපත් ඔබ රැගෙන යන කළමනා බෑගයෙහි දමාගන්න. තවදුරටත් ආරක්ෂාකාරී වීම සඳහා අවශ්‍ය නම් එම පිටපත් පෙන් ඩ්‍රයිව් එකටද ඇතුළත් කරගත හැකිය.
  • ඔබ ඇතිකරන සතුන්ට ගංවතුර කාලය තුළදී ඉහළ ස්ථානයකට යා හැකිදැයි යන්න ගැන විමසිලිමත් වන්න.
  • ඔබ ජීවත් වන්නේ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශයක නම් ඔබේ නිවස ඉහළ මට්ටමකට ගෙන එම මගින් ගංවතුරෙන් සිදුවන හානි වම කරගත හැකි වෙයි. එසේම නාන කාමරයට උණු ජලය ලබාගන්නා හීටරය හා නිවසේ විදුලි සැපයුම් පැනලය ගංවතුරට යටවීමේන් වලක්වාගත හැකි උසකින් සවිකරන්න.
  • ගංවතුරක් පැමිණිය හැකි බව දැනගත් පසු වැලි පිරවූ බෑග් මගින් හෝ අඩියක් පමණ උසඅඩි 20ක් පමණ දිග තාප්පයක් සකස් කරන්න.
  • බාත් ටබ් හා සින්ක් වල දිගු කාලයක් ගබඩා කර තැබූ ජලයට එවායෙහි ආලේප කර ඇති ඊයම් කාන්දුවීමට ඉඩ ඇති නිසා එවා බීමට හෝ ඔබේ දරුවන්ට ස්නානය කිරීම සඳහා භාවිතයට නොගන්න.
  • හැකි ඉක්මනින් ඉවත්ව යාමට සූදානමින් සිටි යුතු අතර ඔබ ගමන් කරන මාර්ග හා නවතින ස්ථාන ගැන හොඳින් දැනුවත් වී සිටින්න.
  • බීම සඳහා පිරිසිදු ජලය ප්ලාස්ටික් බෝතල්වලට පුරවා ගන්න.
  • වැසිකිළි පිරිසිදු කිරීම, ගෙබිම සේදීම හා ඇඳුම් සේදීම වැනි කාර්යයන් සඳහා බාත්ටබ් හා සින්ක් වලට වතුර පුරවා තබන්න.
  • ඔබගේ හදිසි පිටත්ව යාමට පහසුවක් වන සේ වාහනයේ ඉන්ධන ටැංකිය පුරවා තබන්න.
  • ඔබට කාලය තිබේ නම් ගෘහභාණ්ඩ හා අනෙකුත් වටිනා දේ නිවසේ උසම ස්ථානයෙහි තබන්න. එමෙන්ම විදුලි කාන්දුවීම් නිසා ඇතිවිය හැකි හානි වැලැක්වීම සඳහා සියලූම විදුලි උපකරණවල ප්ලග් ගලවා තබන්න.
 
ගංවතුරකින් පසු කළ යුත්තේ කුමක්ද?
  • විෂ සහිත ද්‍රව්‍ය මුසු වී තිබීමට හෝ භයානක කෘමීන් හෝ සතුන් සිටීමට ඉඩ ඇති නිසා ගංවතුරෙන් පිරුණු ජලය ඇල්ලීමෙන් වලකින්න.
  • ගංවතුරට යටවී ඇති ගෑස් හෝ විදුලි උපකරණ භාවිතා කිරීමෙන් වලකින්න.
  • ගංවතුර සමග ගැටී ඇති සියලූ ආහාර ද්‍රව්‍ය ඉවත් කරන්න. එමෙන් ජල මූලාශ්‍රවල ජලය පිරිසිදු බව තහවුරු වන තුරු නළ ජලය උණු කර පානය කරන්න.
  • ඔබ මෙන්ම ඔබේ දරුවන්ද ගංවතුරට යට වූ ස්ථානවල රැඳී සිටීමෙන් වලකින්න.
  • ජල මට්ටම වේගයෙන් ඉහළ යන, ගංවතුරට යටවූ මාර්ගයකට පිවිසුනහොත් වහාම වාහනයෙන් බැස උස් ස්ථානයකට යන්න.
  • අපවිත්‍රවී ඇති ජලය භාවිතා නොකරන්න.
  • ඔබේ නිවස තුළ හෝ වටපිටාවෙහි සිටිය හැකි සතුන්ගෙන් ප්‍රවේශම් වන්න.
  • ඔබේ නිවසෙහි පිටත ඇති විදුලි රැහැන් කඩා වැටී ඇත්නම් මඩ සහිත හෝ ජලය පිරී ඇති ස්ථාන වලට යාමෙන් වලකින්න.

The post ගංවතුරක් කියන්නේ මොකක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%9c%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
සුනාමි කියන්නේ මොකක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 08:45:43 +0000 https://thesurvivalschool.com/?p=2671 සුනාමි කියන්නේ මොකක්ද? මුදුහු පතුළෙහි අතිවන ප්‍රබල භූමිකම්පා හේතවෙන් අඩි ගණනාවක් උසට ඇතිවන මුහුදු රැළි සුනාමි වශයෙන් හඳුන්වන අතර එය මුහුදු වෙරළට විනාශකාරී අන්දමින් පහර දෙයි. වසරේ ඕනෑම දිනයක දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේදී සුනාමි පැමිණීමට හැකි බැවින් සුනාමියක් පැමිණීමට පෙර වෙරළාශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. සුනාමියකදී මුහුදු රැළි මාලාවක් ඇතිවන අතර […]

The post සුනාමි කියන්නේ මොකක්ද? appeared first on The Survival School.

]]>

සුනාමි කියන්නේ මොකක්ද?

මුදුහු පතුළෙහි අතිවන ප්‍රබල භූමිකම්පා හේතවෙන් අඩි ගණනාවක් උසට ඇතිවන මුහුදු රැළි සුනාමි වශයෙන් හඳුන්වන අතර එය මුහුදු වෙරළට විනාශකාරී අන්දමින් පහර දෙයි. වසරේ ඕනෑම දිනයක දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේදී සුනාමි පැමිණීමට හැකි බැවින් සුනාමියක් පැමිණීමට පෙර වෙරළාශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. සුනාමියකදී මුහුදු රැළි මාලාවක් ඇතිවන අතර මුල් අවස්ථාවේදී ඇතිවන රැළි එතරම් විශාල නොවේ. එමෙන්ම පැය කිහියක් ගතවන තුරු විශාල රැළි ඇති නොවීමටද ඉඩ ඇත.

සුනාමියකදී ඔබ දැන සිටිය යුතු මෙන්ම කළ යුතු දේ මොනවාද?

  • ඔබ වෙසෙන ප්‍රදේශය තුළ සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති බව සුනාමි අනතුරු ඇගවීම් මගින් දැනුම් දෙයි.
    සුනාමියකින් ආරක්ෂෘ වීම සඳහා හැකි තරම් උස ප්‍රදේශයකට යා යුතු අතර අඩුම තරමේ සැතපුම් 2ක් පමණ ඈතට ගමන් කළ යුතුයි.
  • ඔබට රැළි දැකිය හැකිනම් ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සඳහා සුදුසුම අවස්ථාව එයයි.
  • රේඩියෝ විකාශයට සවන්දීමට පහසුකම් ඔබ සතුව ඇතිදැයි සැක හැර දැනගන්න.
  • විනාඩි 15ක් ඇතුළත ඔබට පා ගමනින් යා හැකි උසම ස්ථානයට යාමට උත්සාහ කළ යුතුයි.
  • ඔබ ඉතාමත් ඉක්මනින් ඉවත්ව යා යා යුතු බව හොඳින් මතක තබාගත යුතු සේම ඔබගේ දේපොළ සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජීවිතය අවදානමට ලක් නොකිරීමටත් වග බලා ගැනීම අනිවාර්යයි.
  • වෙරළාශ්‍රිත ප්‍රබල භූමිකම්පාවකදී එයින් ආරක්ෂාවීම සඳහා ස්ථාවර දෙයක් තදින් අල්ලාගෙන සිටින්න.
  • සෙලවීම නතර වූ වහාම ඔබේ සුරතල් සතුන්ද රැගෙන පවුලේ සියලූම දෙනා වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යන්න. සුනාමි අවදානමක් ඇති බවට නිශ්චිතව තහවුරු වීමෙන් පසු බලධාරීන් විසින් අනතුරු ඇගවීමක් නිකුත් කළ අවස්ථාවලදීද මේ ආකාරටම සිදු කරන්න.
  • හදිසි ඉවත්ව යාමකදී අවශ්‍ය වන බඩු බාහිරාදිය සැමවිටම සූදානම් කර තබා ගැනීම ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

සුනාමියකින් පසු කළ යුත්තේ කුමක්ද?

  • පසුකම්පන වලදී කඩා වැටීමට ඉඩ ඇති ගොඩනැගිලි හා පාලම් වැනි දේවලින් ඈත් වී සිටින්න.
    ඔබ හා ඔබේ ආදරණීයයන් මානසික ආතතිය අත්විඳින අකාරය සහ එය පාලනය කළ හැකි ආකාර පිළිබඳව අවධානයෙන් සිටින්න.
  • භූමිකම්පාව ඉතා විශාල එකක් ( රිච්ටර් මාපක 8 සිට 9) නම් පසුකම්පන අපේක්ෂා කළ හැකි අතර ඒ විගසින්ම ඒවා ඇතිවිය හැකිය. ඇතැම් පසුකම්පන රිච්ටර් මාපක 7 ක් තරම් විශාල වීමට ඉඩ ඇති අතර ඒ නිසා දෙවන සුනාමියක්ද ඇතිවීමට ඉඩ ඇත. පසුකම්පන පහව යාමට දින, සති හෝ ඇතැමවිට මාස ගණනක් ගතවිය හැකිය.
  • හානියට පත්ව ඇති හා ජලයෙන් යටවී ඇති ගොඩනැගිලි වලින් ඈත්වී සිටින්න.
  • කඩා වැටී ඇති විදුලි රැහැන් හා ගෑස් නළ මාර්ග සම්බන්ධව විමසිලිමත් වී අදාල නඩත්තු ආයතන වෙත වහාම දැනුම් දෙන්න.

The post සුනාමි කියන්නේ මොකක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
කුණාටුවක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 08:45:24 +0000 https://thesurvivalschool.com/?p=2667 කුණාටුවක් යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි වන්නේ අකුණු කුණාටු වන අතර එවා විදුලි කෙටීම් හා අකුණු ගැසීම් සහිත වූ කුණාටු වේ. කැටි ගැසුණු වළාකුලක් මගින් එවා ඇතිවිය හැකි අතර බොහෝවිට දැඩි සුළං, තද වැසි හා ඇතැම්විට අයිස් කැට සහිත වර්ෂාවද ඇති කළ හැකිය. කුණාටුවක් අතරතුර ඔබ දැනසිටිය යුතු හා කළ යුතු දේ මොනවාද? […]

The post කුණාටුවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

කුණාටුවක් යනු කුමක්ද?

ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි වන්නේ අකුණු කුණාටු වන අතර එවා විදුලි කෙටීම් හා අකුණු ගැසීම් සහිත වූ කුණාටු වේ. කැටි ගැසුණු වළාකුලක් මගින් එවා ඇතිවිය හැකි අතර බොහෝවිට දැඩි සුළං, තද වැසි හා ඇතැම්විට අයිස් කැට සහිත වර්ෂාවද ඇති කළ හැකිය.

කුණාටුවක් අතරතුර ඔබ දැනසිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?

  • කුණාටුවක් අතරතුරදී කළ යුතු දේ ගැන එය ඇතිවීමට කලින්ම ඔබේ පවුලේ සාමාජිකයින් සමග කතාබහ කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් ඇතු`ඵ සියලූ දෙනාගේ බිය පහව යාමට එය හේතුවක් වේ.
  • ඔබේ පවුලේ සියලූ සාමාජිකයින්ට හදිසි මුදල් අවශ්‍යතාවයන් සපුරාගත හැකි බවට සැක හැර දැනගන්න.
  • ගුවන් විදුලි විකාශය හෝ දේ්ශීය ගුවන්විදුලි විකාශයක් සමග සැමවිටම එක්වී සිටින්න.
  • හදිසි සිටත්ව යාමකට සූදානම්ව සිටින්න. ඔබ ගමන් ගන්නා මාර්ග හා නවතින ස්ථාන පිළිබඳව දැනුවත් වී සිටින්න.
  • බීම සඳහා පිරිසිදු ජලය ප්ලාස්ටික් බෝතල්වලට පුරවා ගන්න.
  • වැසිකිළි පිරිසිදු කිරීම, ගෙබිම සේදීම හා ඇඳුම් සේදීම වැනි කාර්යයන් සඳහා බාත්ටබ් හා සින්ක් වලට වතුර පුරවා තබන්න.
  • ඔබට කාලය තිබේ නම් ගෘහභාණ්ඩ හා අනෙකුත් වටිනා දේ නිවසේ උසම ස්ථානයෙහි තබන්න. එමෙන්ම විදුලි කාන්දුවීම් නිසා ඇතිවිය හැකි හානි වැලැක්වීම සඳහා සියලූම විදුලි උපකරණවල ප්ලග් ගලවා තබන්න.
  • ඔබ ඇතිකරන සතුන් ආරක්ෂිත දැයි විමසිලිමත් වන්න.
  • පිටත ඇති උපකරණ හා කසළ බඳුන් යනාදිය තද සුළ`ගට හසුවී ගසාගෙන යා වැලැක්වීමට එAවා ආරක්ෂිත ස්ථානවල තබන්න.
  • ඔබේ හදිසි කළමනා කට්ටලයෙහි අමතක වූ හෝ අඩුවී ඇති යමක් ඇතිදැයි පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම ඖෂධ හා ආහාර ද්‍රව්‍ය.
  • වැදගත් ලියකියවිලි හා අනෙකුත් වැදගත් දේ ආරක්ෂිත පෙට්ටියක් තුළ දමා එවායෙහි පිටපත් ඔබ රැගෙන යන කළමනා බෑගයෙහි දමාගන්න. තවදුරටත් ආරක්ෂාකාරී වීම සඳහා අවශ්‍ය නම් එම පිටපත් පෙන් ඩ්‍රයිව් එකටද ඇතුළත් කරගත හැකිය.

 

කුණාටුවකින් පසුව කළ යුතු දෑ මොනවාද?

  • විෂ සහිත ද්‍රව්‍ය මුසු වී තිබීමට හෝ භයානක කෘමීන් හෝ සතුන් සිටීමට ඉඩ ඇති නිසා එක්රැස් වී ඇති වැසි ජලය ඇල්ලීමෙන් වලකින්න.
  • ආරක්ෂාකාරීදැයි පරීක්ෂා කරන තෙක් ගෑස් හා විදුලි උපකරණ භාවිතා නොකරන්න.
  • නිවසේ පිටත විදුලි රැහැන් කඩා වැටී ඇත්නම් එවා අසළට යාමෙන් වැළකී සිටින්න.

The post කුණාටුවක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
ලැවිගින්නක් යනු කුමක්ද? http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%bd%e0%b7%90%e0%b7%80%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%bd%e0%b7%90%e0%b7%80%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#respond Sun, 03 May 2020 08:42:25 +0000 https://thesurvivalschool.com/?p=2666 ලැවිගින්නක් යනු කුමක්ද? එය සාමාන්‍යයෙන් අකුණු සැර වැදීමක්, මිනිසුන්ගේ නොසැළකිලිමත්කම නිසා හෝ අහම්ඛෙන් කැලෑව තුළ ඇතිවන ගින්නකි. ලැව්ගින්නක් ඉතා ඉක්මනින් වනාත්නතර හා අනෙකුත් බිම් ප්‍රදේශ තුළ පැතිරී යන අතර ආරක්ෂිතව ඉන් ඉවත්වීම සඳහා ඔබට ලැඛෙන්නේ සු`ඵ කාලයකි. නිය`ගය, වියළි කාලගුණික තත්ත්වය හා නොසැළකිලිමත් ලෙස ගින්දර භාවිතා කිරීම ලැවිගිනි අවදානම වැඩිවීමට හේතු වේ. ලැව්ගින්නක් ඇතිවූ විටදී […]

The post ලැවිගින්නක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>

ලැවිගින්නක් යනු කුමක්ද?

එය සාමාන්‍යයෙන් අකුණු සැර වැදීමක්, මිනිසුන්ගේ නොසැළකිලිමත්කම නිසා හෝ අහම්ඛෙන් කැලෑව තුළ ඇතිවන ගින්නකි. ලැව්ගින්නක් ඉතා ඉක්මනින් වනාත්නතර හා අනෙකුත් බිම් ප්‍රදේශ තුළ පැතිරී යන අතර ආරක්ෂිතව ඉන් ඉවත්වීම සඳහා ඔබට ලැඛෙන්නේ සු`ඵ කාලයකි. නිය`ගය, වියළි කාලගුණික තත්ත්වය හා නොසැළකිලිමත් ලෙස ගින්දර භාවිතා කිරීම ලැවිගිනි අවදානම වැඩිවීමට හේතු වේ.

ලැව්ගින්නක් ඇතිවූ විටදී ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?

  • සුරතල් සතුන් එක් තැනකට කොටුකර තැබීමෙන් හදිසි පිටත්ව යාමකදී ඔබට ඔවුන් පහසුවෙන් සොයාගැනීමට හැකිවේ.
  • හැකි තරම් දුම් හා අඵ, දුහුවිලි වැනි අංශ=වලට නිරාවරණය වීමෙන් වලකින්න. දොර ජනෙල් වැසීම මගින් පිටත ඇති දුමාරය නිවස තුළට එම වලක්වා ඇතුළත වාතාශ්‍රය පිරිසුදුව තබාගන්න.
  • ඔබේ ආරක්ෂාව සඳහා කපු/ලොම් රෙදි මගින් නිමැවූ අත්දිග කමිස හා දිග කලිසම් හැඳ අත්වැසුම් පළඳින්න.
  • එමෙන්ම සුරතල් සතුන් ඔබ සමීපයෙහි ආරක්ෂිතව සිටීදැයි විමසිලිමත් වන්න.
  • අවට ඇති ගස්කොලන් ආදියෙහි තෙතමනය වැඩි කරන්න.
  • ගිනි ගැනීමට ලක්විය හැකි දෑ ඔබේ නිවස මැදට රැගෙන යන්න. ඔබේ මුඛයට හෝ නහයට උඩින් තෙත රෙදි හෝ ලේන්සු දමන්න එපා. එකම උෂණත්වයේ ඇති වියළි වාතයට වඩා තෙත් වාතය මගින් හුස්මගැනීමේ මාර්ගවලට හානි ඇති කළ හැකිය.
  • එළිමහන් ස්ථානයක පිහිටි ආවරණයක් තුළ හෝ ගල් අතර ඇති තැනිතලාවක, මුහුණ යට පැත්තට සිටින සේ දිගා වී ඔබේ ශරීරය පස්වලින් ආවාරණය කරගන්න. ඔබේ පෙණහලූ දැවී යාමෙන් හෝ දුමාරය ආශ්වාස වීමෙන්ව
  • ලක්වාගැනීම සඳහා පොළොව මට්ටමෙහි ඇති වාතය ආශ්වාස කරන්න.

 

ලැව්ගින්නකින් පසු කළ යුත්තේ මොනවාද?

  • පටි දෙකක් සහිත දුහුවිලි අංශ= වැලැක්වීමේ මුඛ ආවරණයක් භාවිතා කරන්න.
    සුන්බුන් ඉවත් කිරීමේදී තියුණු ද්‍රව්‍යයන්ගෙන් දෑත්වලට සිදුවිය හැකි හානි වලක්වා ගැනීමට සම් ඇත්වැසුම් භාවිතා කරන්න.
  • දුහුවිලි ආශ්වාස වීමෙන් වැලැක්වීම සඳහා දැවීගිය සුන්බුන් තෙත් කරන්න.
  • විදුලි බලය නොමැති නම් ප්‍රධාන බ්‍රේකර් ස්විච ධත‍ත‍ වී ඇතිදැයි පරීක්ෂා කරන්න. ගින්න හේතුවෙන් බ්‍රේකර් ස්විච ධත‍ත‍ වේ. එවා ධභ කිරීමෙන් පසුවත් විදුලි බලය නොමැති නම් විදුලිබල මණ්ඩලය අමත්න.
  • අවම වශයෙන් නිවස වටා අඩි 30ක පමණ වටප්‍රමාණයක ගස් වැල් ආදිය ඉවත් කර ගින්නට ඔරොත්තු දෙන ශාඛ වවන්න.

The post ලැවිගින්නක් යනු කුමක්ද? appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b6%bd%e0%b7%90%e0%b7%80%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 0
සිවිල් ජීවිතය සහ කාර්යාල කටයුතු යථාත්වයට පත් කිරීම මැයි 11 සිට ආරම්භ වේ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd/ http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd/#respond Sun, 03 May 2020 08:25:27 +0000 https://thesurvivalschool.com/?p=2659 සිවිල් ජීවිතය සහ කාර්යාල කටයුතු යථාත්වයට පත් කිරීම මැයි 11 සිට ආරම්භ වේ කොළඹ, ගම්පහා, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, සිවිල් ජීවිත සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ වේ. සිවිල් ජීවිතවල යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා සහ මෙම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය […]

The post සිවිල් ජීවිතය සහ කාර්යාල කටයුතු යථාත්වයට පත් කිරීම මැයි 11 සිට ආරම්භ වේ appeared first on The Survival School.

]]>

සිවිල් ජීවිතය සහ කාර්යාල කටයුතු යථාත්වයට පත් කිරීම මැයි 11 සිට ආරම්භ වේ

කොළඹ, ගම්පහා, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, සිවිල් ජීවිත සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ වේ.

සිවිල් ජීවිතවල යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා සහ මෙම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා සැපයීම ඇතුළුව ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 වන සඳුදා සිට සිය කටයුතු නැවත ආරම්භ කළ යුතුය. තම ආයතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබේ. COVID - 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම එක් එක් ආයතනයෙහි ප්‍රධානියා විසින් සහතික කළ යුතුය.

කාර්යාල සේවයට පැමිණිය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ වගකීම සහ ඔවුන්ගේ අංකය දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල ඇතුළු එක් එක් රාජ්‍ය සංවිධානයේ ප්‍රධානියා සතුය. පෞද්ගලික අංශයේ ආයතන දිනපතා උදේ 10.00 ට වැඩ සඳහා විවෘත කරන ලෙස ඉල්ලා සිටියි.

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මහජනයා අනවශ්‍ය ලෙස මාර්ගවලට පැමිණ වෙනත් ස්ථානවලට රැස්වීමෙන් වැළකී සිටිය යුතුය. ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයට සහ දුම්රිය මැදිරිවලට අයත් බස් රථවලට ප්‍රවාහනය කළ හැක්කේ වැඩ සඳහා වාර්තා කරන සේවකයින් පමණි.

අත්‍යවශ්‍යයෙන්ම රැකියාවට වාර්තා කළ යුතු අය හැර සිවිල් වැසියන් තම නිවෙස්වල රැඳී සිටින ලෙස ඉල්ලා සිටියි. මිනිසුන්ට තම නිවෙස්වලින් පිටව යාමට අවසර ඇත්තේ ආහාර සහ .ෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණි. කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෑම අවස්ථාවකම දැඩි ලෙස අනුගමනය කළ යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කරනු ලබන ඇඳිරි නීතිය වලංගු වන්නේ රියදුරු සහ මගීන් මුහුණු ආවරණ පැළඳුවහොත් පමණි.

කොළඹ, ගම්පා, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මැයි මස 06 වන බදාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

මැයි 06 වන බදාදා රාත්‍රී 8.00 ට පැනවෙන ඇඳිරි නීතිය මැයි 11 වනදා අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වේ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
01.05.2020

Link

The post සිවිල් ජීවිතය සහ කාර්යාල කටයුතු යථාත්වයට පත් කිරීම මැයි 11 සිට ආරම්භ වේ appeared first on The Survival School.

]]>
http://thesurvivalschool.com/si/2020/05/03/%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd/feed/ 0