න්‍යෂ්ටික ආපදාවක් යනු කුමක්ද?

ජත්‍යන්තර පරමාණුක බලශක්ති එජන්සිය විසින් අර්ථ දක්වා ඇති පරිදි ජනතාවට, පරිසරයට හෝ වෙනත් පහසුකම්වලට සැලකිය යුතු තරම් ප්‍රතිවිපාක ඇති කළ හැකි න්‍යෂ්ටික හා විකිරණ අනතුරක් න්‍යෂ්ටික ආපදාවක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයින්ට මරාන්තික බලපෑම් ඇතිකිරීම, විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට බැහැරවීම හෝ ප්‍රතික්‍රියාකාරක හරය දියවීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. න්‍යෂ්ටික පිපිරීම, න්‍යෂ්ටික ද්‍රව්‍ය වැටීම හා විකිරණය මෙම ආපදාවෙහි ආකාර 3 වන අතර මේවායින් බේරී සිටීම ප්‍රධාන වශයෙන් දුර, ආවරණය හා කාලය මත රඳා පවතී.

න්‍යෂ්ටික ආපදාවක් ගැන ඔබ දැන සිටිය යුතු හා අතරතුරේදී කළ යුතු දේ මෙනවාද?

  • තම ප්‍රජාව අතර ක්ෂණිකව දැනුම් දිය හැකි ක්‍රමයක් ජනතාව විසින් කල්තියාම තෝරාගෙන සිටීම වැදගත්ය.
  • බිම දිගාවී ඔබේ හිස ආවරණය කරගන්න. පිපිරීම සිදුවූයේ යම් දුරක නම් පිපිරීම් රැළි මගින් පහරදීමට තත්පර 30ක් හෝ වැඩි කාලයක් ගනී.
  • පුළිගු හෝ ගිනි බෝල දෙස නොබලන්න. එවා මගින් ඔබේ ඇස් අන්ධ විය හැකිය.
  • ඔබ සිටින්නේ පිටත නම් හා ඉක්මනින් ඇතුළට යා නොහැකි නම් මුඛ ආවරණයකින්, රෙද්දකින් හෝ තුවායකින් ඔබේ නාසය හා කට අවරණය කරගන්න.
  • පොළෝ තලයේ සිට ඔබ සැතපුම් ගණනක් දුරින් සිටියද හැකි තරම් ඉක්මනින් ආවරණයක් තුළට යන්න.
    ඉවත්ව යාම ඔබේ යහපතට වඩාත්ම සුදුසු වේ නම් අනිවර්යයෙන් එය සිදුකරන්න.
  • ඔබේ සමාජය තුළ තිඛෙන න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැටෙන්නට ඉඩ ඇති බවට නිගමනය කර ඇති පොදු ගෙඩනැගිලි පිළිබඳව බලධාරීන්ගෙන් විමසා දැනගන්න.
  • නිල තොරතුරු විකශයකට සවන් දී හදිසි අවස්ථා ප්‍රතිචාර දක්වන්නන් විසින් ලබාදෙන උපදෙස් පිළිපදින්න.
  • ප්‍රහාරය පිළිබඳව කලින් අනතුරු ඇගවීමක් කර ඇත්නම්, ඔබට හැකිනම් පොළොව ඇතුළත ස්ථානයක හෝ වෙනත් ස්ථානයක හැකි තරම් ඉක්මනින් ආවරණය වී බලධාරීන් විසින් දැනුම් දෙන තුරු එහි රැඳී සිටින්න.
  • ආසන්නතම ගොඩනැගිලක් (ගඩොල් හෝ කොන්ක්‍රිට්වලින් නිමවා ඇත්නම් වඩා සුදුසුය) සොයාගෙන පිටත ඇති විකිරණශීලී දව්‍යයන්ගෙන් බේරීම සඳහා එ තුළට යන්න.
  • පහසුකම් ඇත්නම් හැකි තරම් පොළව යටට හෝ උස ගොඩනැගිල්ලක මැදට යන්න.
  • පිටත සිට ඇතුළට වාතය රැගෙන එන විදුලි පංකා, වායුසමීකරණ හා ප්‍රබල වායු උණුසුම් කිරීමේ යන්ත්‍ර හැකි නම් අක්‍රිය කරන්න.
  • බලධාරීන් විසින් දැනුම්දීමක් කර නොමැති විටදී අවම වශයෙන් පැය 24ක් වත් එම ස්ථානයේ රැඳී සිටින්න.

 

න්‍යෂ්ටික ආපදාවකින් පසු කළ යුත්තේ කුමක්ද?

  • පිපිරුම අතරතුර හෝ පිපිරුමෙන් පසු ඔබ පිටත සිටියේ නම් ඔබේ ශරීරයේ රැඳී තිබිය හැකි විකිරණශීලී ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා හැකි ඉක්මනින් පිරිසිදු වන්න.
  • ප්‍රායෝගිකව කළ හැකි නම් අපද්‍රව්‍ය සහිත ඔබේ ඇඳුම් ප්ලස්ටික් බෑගයක් දමා මුද්‍රා තබන්න නැත්නම් තදින් ගැටගසන්න. විකිරණවලින් අන් අයට බලපෑම් ඇති නොකරන සේ එම බෑගය මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් හැකි තරම් ඈතින් තබන්න.
  • විකිරණශීලී ද්‍රව්‍ය සිරුරින් ඉවත්වන සේ හැකිනම් සබන් සහ ජලය වැඩි ප්‍රමාණයක් භවිතා කරමින් ස්නානය කරන්න. සම තදින් ඇතිල්ලීමෙන් හා සීරීමෙන් වලකින්න.
  • ෂැම්පු හෝ සබන් යෙදා ඔබේ හිසකෙස් සෝදහරින්න. විකිරණශීලී දව්‍ය ඔබේ හිසකෙස් සමග බන්ධනය වී පහසුවෙන් සේදී යාම වලක්වන බැවින් කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් වලකින්න.
  • ඔබේ නාසය සෙමෙන් සූරා හැර ඇසිපිය හ ඇහිපිහාටු පිරිසිදු තෙත රෙද්දකින් පිසදා හරින්න. ඔබේ කන් දෙකද ප්‍රවේශමෙන් පිරිසිදු කරන්න.
  • ඔබට ස්නානය කිරීමට අපහසුවක් ඇත්නම් ඔබේ ශරීරයේ ඇඳුම් මගින් ආවරණ නොවූ කෙටස් පිරිසිදු තෙත රෙද්දක් මගින් පිසදා හරින්න.
  • අත්‍යෘවශ්‍ය බඩු භාණ්ඩ ලබාගැනීම, නිවැරදි තොරතුරු ලබාගැනීම හා අන් අයට උදවු කිරීම වැනි ඔබට එ අවස්ථාවේදී ගත හැකි ධනාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන්න.
  • යම්කිසි ස්ථානයක රැඳී සිටින විට විවිධ ආකාරයේ මානසික හැගීම් ඇතිවීම පොදු කරුණක් වන බැවින් ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න.
  • මාධ්‍යට අධික ලෙස හෝ නැවත නැවත නිරාවරණය වීමෙන් ආතතිය, අවිනිශ්චිතභාවය හා බිය ඉහළ යා හැකිය. කුඩා දරුවන්ට මෙය විශේෂයෙන් බලපායි.
  • ඔබගේ ශාරීරික සෞඛ්‍ය අවශ්‍යතාවයන් ගැන පරීක්ෂාකාරී වන්න.