නායයාමක් යනු කුමක්ද?

කඳුපාමුල ප්‍රදේශවල ටිකෙන් ටික හානි ඇති කරමින් සෙමෙන් සිදුවන හෝ දේපොළ හා ජීවිත විනාශ කරමින් අනපෙක්ෂිත ලෙස එක්වරම ඇතිවන භූමි සංචලන නාය යාම් ලෙස විග්‍රහ කිරීමට පු`ඵවන. අධික වර්ෂාව, භූමිකම්පා නසා පොළ ලොව සෙලවීම හා ගුරැත්වාකර්ෂණය වැනි ස්වභාවික බලවේග බොහෝ නායයාම් වලට හේතු වේ.

නායයාමක් ගැන ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?

  • ඔබගේ පවුලට හා ව්‍යාපාරයට ඉවත්ව යාමේ සැලසුමක් සකස් කර එය ප්‍රායෝගිකව පුහුණු වී සිටින්න.
    නායයාමක් සිදු වූ අවස්ථාවකදි කළ හැකි දේ සම්බන්ධව ඔබගේ නිවසේ සිටින සියලූ දෙනා සමගම සාකච්ඡා කරන්න.
  • අනතුරු ඇගවීම් වලට කන්දෙමින් ඇහැරී සිටින්න. නායයාම් නිසා බොහෝ මරණ සිදුවන්නේ ජනතාව නිදා සිටින අතරතුරේය.
  • අධික වර්ෂාව සම්බන්ධයෙන් දේශීය විකාශන මගින් ලබාදෙන අනතුරු ඇගවීම් වලට බැටරි මගින් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍රයක් මගින් සවන් දෙමින් සිටින්න.
  • ඉවත්ව යාම ආරක්ෂිත ක්‍රියාවක් නම් එසේ කිරීම ගැන අවධානය යොමුකරන්න.
  • රට තුළ ඇතිවන හදිසි අවස්ථා ප්‍රතිචාර ගැන හා ඉවත්ව යාමේ සැලසුම් ගැන දැනුවත් වී සිටින්න.
  • ඔබ ජීවත්වන ප්‍රදේශ්‍ය වටා ඇති භූමිය ගැන හොඳින් හුරුපුරුදු වී සිටින්න.
  • ආසන්නතම අනතුරක් ගැන ඔබට සැකයක් ඇත්නම් වහාම ඉවත් වන්න.
  • ඔබට හැකිනම් බලපෑමට ලක්වූ අසල්වැසියන්ට දන්වා ඔබේ පොදු සේවකයින්, ගිනි නිවීම් හෝ පොලිස් දෙපර්තමේන්තුව සම්බන්ධ කරගන්න.
  • ගස් කඩාවැටීම හෝ ගල් කුට්ටි එකිනෙක ගැටීම වැනි නායයාමක් ඇතිවීමේ අනතුරු හ`ගවන අසාමාන්‍ය ශබ්දවලට කන්දෙන්න.
  • ඔබ ජීවත්වන්නේ ගංගාවක් හෝ ජල මාර්ගයක් ආසන්නයේ නම් හදිසියේ ඇතිවිය හැකි ජල මට්ටම ඉහළ යාම හෝ පහළ යාම ගැන අවධානයෙන් සිටින්න.
  • ඉවත්ව යන ලෙස ඔබට දැනුම් දී ඇත්නම් හෝ තීරණය කර ඇත්නම් ඔබ ඇති කරන සතුන් රැගෙන යාමට අමතක නොකරන්න.


නායයාමකින් පසු කළ යුත්තේ කුමක්ද?

  • නායගොස් ඇති ප්‍රදේශයට කෙළින්ම ඇතු`ඵ නොවී තුවාල වී සිටින හෝ සිරවී සිටින පුද්ගලයින් පිළිබඳව විමිසිලිමත් වන්න.
  • දරුවන්, ආබාධිත සහ මහ`ඵ පුද්ගලයින් වැනි විශේෂ උපකාර අවශ්‍ය අසල්වැසියන්ට උදවු කරන්න.
  • දේශීය ගුවන්විදුලි හා රූපවාහිනී විකාශ මගින් ලබාදෙන අලූත්ම හදිසි තත්ත්ව තොරතුරු වලට සවන් දෙන්න.
  • නායයාමක් හෝ සුන්බුන් පාවී යාමකින් පසු ඇතිවිය හැකි ගංවතුර පිළිබඳව අවධානයෙන් සිටින්න.