කොවිඩ්-19 වසංගතය හමුව් අප ඉගෙන ගත යුතු දේ මෙන්න:
- ආපදාවන්ට ලෝකය වෙනස් කරන්නට හැකි අතර එහි විපාකයන්ට මුහුණදීමට හොඳින් සූදානම්ව සිටිය යුතුය.
- චීනය, ඉන්දියාව වැනි දැඩි පිළිවෙත් අනුගමනය කරන රටවල්, මරණ අනුපාතය ඉහළ මට්ටමක පවත්නා ලිබරල් හා සමාජවාදී රටවලට වඩා හොඳින් මෙම තත්වය පාලනය කර ඇත. ආරක්ෂක හමුදාවන්හි සහයෝගය ඇතිව අප රජය විසින් මෙම තත්වය පාලනය කර ඇත්තේ අනෙකුත් බොහෝ රටවල් අභිබවා යමිනි. ජීවිතයට වඩාත් විනයගරුක වූ ප්‍රවේශයක් දැන් අපට ඇවැසිව පවතී.
- හෝටල්, ආපනශාලා, ස්පා සහ ගුවන් සේවා වැනි ව්‍යාපාර සියල්ල එකවිට කඩා වැටීම තුළින් අප ජීවත්වන්නා වූ පාරිභෝගික ආර්ථීකයට දැඩි පහරක් එල්ල වී ඇත. එසේම සමාජ දුරස්ථභාවය අප සිදුකරන දේ වලට තවත් බාධකයක් විය හැකිය. එහි අරුත නම් වෙනස් දේ කරන්නට සේම වෙනස් විදියට ජීවත් වන්නටත් ඔබ සූදානම් විය යුතු බවය.
- ලෝකය සුවපත්ව සුපුරුදු ජීවන රටාවට යළි ප්රවිශ්ඨ වීමෙන් පසු නාගරීකරණය පාලනය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශ විමධ්‍යගත කිරීම, ජනප්‍රිය පාසල්වල පරිවාරක ශාඛා ඇතිකිරීම වැනි දේශපාලනික වශයෙන් සහයෝගය ලබා නොදෙන්නා වූ සාමිජයීය වෙනස්කම් සිදුකරන්නට අප විසින් රජයට ඉඩ ප්‍රස්තාව ලබාදිය යුතුය. එසේම අපගේ සේවා ස්ථාන හා පාසල්වලට ගමන් කිරීම අවම කිරීමටත්, නිවසේ සිටම භාණ්ඩ ඇණවුම් කිරීම නොකඩවා පවත්වාගෙන යාමට මෙන්ම මාර්ගවලට පිවිසෙන වාහන ප්‍රමාණය අඩුකිරීමටත් අප කැමති විය යුතුය.
- අපගේ ආහාර අපගේම ඉඩම්වල කාබනික තත්ත්ව යටතේ වගාකරන්නට අප උනන්දු විය යුතුය.
- ආනයනය සීමාකර අපේ රටට අවශ්‍ය දෑ රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශලා ඇති කළ යුතු අතර එA තුළින් නව රැකියා අවස්ථාවන්ද ඇති කළ යුතුය.
- මහජන සෞඛ්‍යයේ ඇති වැදගත්කම් පිළිබඳව අපි කඩිනම් පියවර ගත යුතුය. සිංගප්පූරුවෙන් ඉගියක් ලබානිමින් අපේ සෞඛ්යාරක්ෂිත ජීවන රටාව අපි විසින්ම ආරම්භ කිරීම හරහා් පිරිසිදු හා සෞඛ්‍යසම්පන්න සමාජයක් බිහිකරමු.