ආතතියෙන් මිදීම ඔබ විසින්ම කළ යුතු දෙයක් බව ප්‍රායෝගික නියතයකි. කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය තබාගැනීම වැනි ක්‍රියාවන් සේම ආතතිය හා කණස්සල්ල යන වෛරසයෙන් මිදීම සඳහාද අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පවතී.
- දුක පිළිගන්න
ඔව්, අපි යථාර්ථවාදී වෙමු. —දැන් ඉතින් කාලේ හරි කියන්නට පළමු දුක හා ආතතිය විඳිමින් එයට ටික කාලයක් ඉඩ දෙන්න. ඔබට සැබැවින්ම සතුටුදායක වන්නට හැකි සියලූ දේ ගැන සිතීමට ප්‍රමුඛස්ථානය දෙන්න. එසේ කිරීම තුළින් තුළින් මිදෙන්නට හැකි හොඳ මාර්ග සොයාගන්න. - හුදෙකලා කිරීමට පෙර ඔබ අනුගමනය කළ කාලසටහනට සමාන කාලසටහනක් තුළම රැඳී සිටින්න
හුදෙකලා කිරීම හේතුවෙන් ඔබ දිගු වේලාවක් නිදාගන්නට යොමූවී සිටී නම් තවදුරටත් එය සිදු නොකරන්න. දැනටමත් ඔබට ප්‍රමාණවත් නින්දක් හා විවේයක් ලැබී ඇත. දැන්, ඔබට අරමුණක් ලබාදෙන දෛනික කාලසටහනකට අනුව වැඩකරන්නට පටන්ගන්න. - ඔබේ මනසින් සේවයට යන්න
ඔබ නිවසේ සිට වැඩ කරන්නේ නම් එය ඉතා අගෙයි. එහෙත් ඔබට කරන්නට කාර්යයක් නොමැති නම් ඔබේ මනසින් වැඩ කරමින් කාලය ගත කරන්න. ඔබේ හැකියාවන් හා අවකාශයන් යළි ආවර්ජනය කරමින් එAවාට නව ප්‍රාණයක් ලබා දෙන්න. වැඩිදියුණු කළ හැකි ව්‍යාපෘතියක් හෝ අලූත්ම ව්‍යාපාරයක් පිළිබඳ අදහසක් ඔබ තුළින්ම මතුකර ගන්න. - නියමිත වේලාවට ආහාර හා තේ විවේක අරගන්න
හොඳ උදෑසන ආහාර වේලක්, දිවා ආහාරය සඳහා බත් සහ ව්‍යාංජන මෙන්ම මැනවින් ගැළපෙන රාත්‍රි ආහාරයක් වේලාසනින් ඔබ ගත යුතුමය. ඔබ සිතා සිටින තරම් ඔබ බුද්ධ්මත් නොවේ නම්…., කණගාටුයි - ඔබේ මනසට හා ශරීරයට හොඳ ව්‍යායාමයක් ලබාදෙන්න
ඔබට ගෙවත්තක් තිබ් නම් හොඳින් දහඩිය දමා කැලරි දහනය තුරු ව්‍යායාමයෙහි යෙදෙන්නට කාලය ගතකරන්න. ඔබ කොවිඩ්-19 ට පෙර මෙය සිදුකර නොමැති නම් දැන් මෙය ආරම්භ කර ශරීර යෝග්‍යතාවය හොඳින් පවත්වා ගත යුතු සාධක රැසක් දැන් ඔබ හමුවේ ඇත. - ආකර්ෂණීීය අලූත් විනෝදාංශයකට යොමුවන්න
ඵලදායී ටදදටකැ සෙවීම් තුළින් ඔබ දැනුමෙන් පොහොසත් කරන අතරේම නවතම විනෝදාශ්වාදයක් ගෙන දෙන අරුම පුදුම දේ සොයාගත හැකියි. - ඔබේ නිවස තුළදීම සමාජගත වන්න
සමීප සබඳතා ගොඩනගාගැනීම, ජීවිතය සාරවත් වීමට හොඳ උපකාරයකි. දැන් ඕනෑ තරම් කාලය තිබේ උත්සාහ ගන්න පළමුවෙන් ඔබේම පවුලේ සාමාජිකයින් හා කතාකිරීමට, සිනාසීමට හා ක්‍රීඩාවන්හි යෙදීමට පටන් ගන්න. - එ වගේම, අනවශ්‍ය තරම් ප්‍රවෘත්ති බැලීමෙන් වලකින්න
හොඳින් දැනුවත්ව සිටීම පමණක් සෑහෙයි. නව කොරෝනා වෛරසයේ ආතතතියෙන් ඔබේ මනස අවුල් කර ගැනීම, ඇත්තෙන්ම යහපතකට වඩා හානියකි. විශ්වසනීය මූලාශ්‍රයකින් ලැඛෙන තොරතුරු වලින් පමණක් සෑහීමකට පත්වී චිත්‍රපටි නැරඹීම, පොත්-පත් කියවීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම වැනි දේ වෙනුවෙන් අමතර කාලය වැයකරන්න. - අන් අයට උපකාර කරන්න
ඔබ එය විශ්වාස කළත් නොකළත්, අන් අයට උපකාර කිරීම, සතුට ගෙනදීමේ හොඳම මාර්ගයකි. අන් අය ධෛර්යමත් කිරීමෙන් මෙන්ම කුසගින්නේ සිටින ජනතාව ගැනි සිතීමෙන් හා ඔවුන්ට උපකාර කිරිමට මාර්ග සොයාගැනීම තුළින් ඔබට එය කළ හැකියි. - අලූත් ආරම්භයක් කෙරෙහි විශ්වාසය තබන්න
මේ දිගු හුදෙකලා කිරීම, අලූත් දේ පටන් ගන්නට ඔබ උනන්දු කරවන්නකි. දැන් ඔබ පසුවන්නේ සියල්ල අහිමිව යාමේ දොරටුව අබියස නම් නව මාවතකට පිවිසෙන්නට උත්සාහ ගන්න. ඔබේ නිර්මාණශීලීත්වය අවදි කරන්න. අමතක නොකන්න, වුවමනාවක් තිඛෙනවා නම් මාර්ගයක්ද තිඛෙන බව.