සුනාමි

සුනාමි කියන්නේ මොකක්ද?

මුදුහු පතුළෙහි අතිවන ප්‍රබල භූමිකම්පා හේතවෙන් අඩි ගණනාවක් උසට ඇතිවන මුහුදු රැළි සුනාමි වශයෙන් හඳුන්වන අතර එය මුහුදු වෙරළට විනාශකාරී අන්දමින් පහර දෙයි. වසරේ ඕනෑම දිනයක දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේදී සුනාමි පැමිණීමට හැකි බැවින් සුනාමියක් පැමිණීමට පෙර වෙරළාශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. සුනාමියකදී මුහුදු රැළි මාලාවක් ඇතිවන අතර මුල් අවස්ථාවේදී ඇතිවන රැළි එතරම් විශාල නොවේ. එමෙන්ම පැය කිහියක් ගතවන තුරු විශාල රැළි ඇති නොවීමටද ඉඩ ඇත.

සුනාමියකදී ඔබ දැන සිටිය යුතු මෙන්ම කළ යුතු දේ මොනවාද?

ඔබ වෙසෙන ප්‍රදේශය තුළ සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති බව සුනාමි අනතුරු ඇගවීම් මගින් දැනුම් දෙයි.
සුනාමියකින් ආරක්ෂෘ වීම සඳහා හැකි තරම් උස ප්‍රදේශයකට යා යුතු අතර අඩුම තරමේ සැතපුම් 2ක් පමණ ඈතට ගමන් කළ යුතුයි.
ඔබට රැළි දැකිය හැකිනම් ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සඳහා සුදුසුම අවස්ථාව එයයි.
NOAA කාලගුණ රේඩියෝ විකාශයට සවන්දීමට පහසුකම් ඔබ සතුව ඇතිදැයි සැක හැර දැනගන්න.
විනාඩි 15ක් ඇතුළත ඔබට පා ගමනින් යා හැකි උසම ස්ථානයට යාමට උත්සාහ කළ යුතුයි.
ඔබ ඉතාමත් ඉක්මනින් ඉවත්ව යා යා යුතු බව හොඳින් මතක තබාගත යුතු සේම ඔබගේ දේපොළ සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජීවිතය අවදානමට ලක් නොකිරීමටත් වග බලා ගැනීම අනිවාර්යයි.
වෙරළාශ්‍රිත ප්‍රබල භූමිකම්පාවකදී එයින් ආරක්ෂාවීම සඳහා ස්ථාවර දෙයක් තදින් අල්ලාගෙන සිටින්න.
සෙලවීම නතර වූ වහාම ඔබේ සුරතල් සතුන්ද රැගෙන පවුලේ සියලූම දෙනා වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යන්න. සුනාමි අවදානමක් ඇති බවට නිශ්චිතව තහවුරු වීමෙන් පසු බලධාරීන් විසින් අනතුරු ඇ`ගවීමක් නිකුත් කළ අවස්ථාවලදීද මේ ආකාරටම සිදු කරන්න.
හදිසි ඉවත්ව යාමකදී අවශ්‍ය වන බඩු බාහිරාදිය සැමවිටම සූදානම් කර තබා ගැනීම ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

සුනාමියකින් පසු කළ යුත්තේ කුමක්ද?

පසුකම්පන වලදී කඩා වැටීමට ඉඩ ඇති ගොඩනැගිලි හා පාලම් වැනි දේවලින් ඈත් වී සිටින්න. ඔබ හා ඔබේ ආදරණීයයන් මානසික ආතතිය අත්විඳින අකාරය සහ එය පාලනය කළ හැකි ආකාර පිළිබඳව අවධානයෙන් සිටින්න. භූමිකම්පාව ඉතා විශාල එකක් ( රිච්ටර් මාපක 8 සිට 9) නම් පසුකම්පන අපේක්ෂා කළ හැකි අතර එA විගසින්ම එවා ඇතිවිය හැකිය. ඇතැම් පසුකම්පන රිච්ටර් මාපක 7 ක් තරම් විශාල වීමට ඉඩ ඇති අතර එ නිසා දෙවන සුනාමියක්ද ඇතිවීමට ඉඩ ඇත. පසුකම්පන පහව යාමට දින, සති හෝ ඇතැමවිට මාස ගණනක් ගතවිය හැකිය. හානියට පත්ව ඇති හා ජලයෙන් යටවී ඇති ගොඩනැගිලි වලින් ඈත්වී සිටින්න. කඩා වැටී ඇති විදුලි රැහැන් හා ගෑස් නළ මාර්ග සම්බන්ධව විමසිලිමත් වී අදාල නඩත්තු ආයතන වෙත වහාම දැනුම් දෙන්න.