ලැව්ගිනි

ලැවිගින්නක් යනු කුමක්ද?

එය සාමාන්‍යයෙන් අකුණු සැර වැදීමක්, මිනිසුන්ගේ නොසැළකිලිමත්කම නිසා හෝ අහම්ඛෙන් කැලෑව තුළ ඇතිවන ගින්නකි. ලැව්ගින්නක් ඉතා ඉක්මනින් වනාත්නතර හා අනෙකුත් බිම් ප්‍රදේශ තුළ පැතිරී යන අතර ආරක්ෂිතව ඉන් ඉවත්වීම සඳහා ඔබට ලැඛෙන්නේ සුඵ කාලයකි. නිය`ගය, වියළි කාලගුණික තත්ත්වය හා නොසැළකිලිමත් ලෙස ගින්දර භාවිතා කිරීම ලැවිගිනි අවදානම වැඩිවීමට හේතු වේ.

ලැව්ගින්නක් ඇතිවූ විටදී ඔබ දැන සිටිය යුතු හා කළ යුතු දේ මොනවාද?
සුරතල් සතුන් එක් තැනකට කොටුකර තැබීමෙන් හදිසි පිටත්ව යාමකදී ඔබට ඔවුන් පහසුවෙන් සොයාගැනීමට හැකිවේ.
හැකි තරම් දුම් හා අඵ, දුහුවිලි වැනි අංශ=වලට නිරාවරණය වීමෙන් වලකින්න. දොර ජනෙල් වැසීම මගින් පිටත ඇති දුමාරය නිවස තුළට එම වලක්වා ඇතුළත වාතාශ්‍රය පිරිසුදුව තබාගන්න.
ඔබේ ආරක්ෂාව සඳහා කපු/ලොම් රෙදි මගින් නිමැවූ අත්දිග කමිස හා දිග කලිසම් හැඳ අත්වැසුම් පළඳින්න. එමෙන්ම සුරතල් සතුන් ඔබ සමීපයෙහි ආරක්ෂිතව සිටීදැයි විමසිලිමත් වන්න.
අවට ඇති ගස්කොලන් ආදියෙහි තෙතමනය වැඩි කරන්න.
ගිනි ගැනීමට ලක්විය හැකි දෑ ඔබේ නිවස මැදට රැගෙන යන්න. ඔබේ මුඛයට හෝ නහයට උඩින් තෙත රෙදි හෝ ලේන්සු දමන්න එපා. එකම උෂණත්වයේ ඇති වියළි වාතයට වඩා තෙත් වාතය මගින් හුස්මගැනීමේ මාර්ගවලට හානි ඇති කළ හැකිය.
එළිමහන් ස්ථානයක පිහිටි ආවරණයක් තුළ හෝ ගල් අතර ඇති තැනිතලාවක, මුහුණ යට පැත්තට සිටින සේ දිගා වී ඔබේ ශරීරය පස්වලින් ආවාරණය කරගන්න. ඔබේ පෙණහලූ දැවී යාමෙන් හෝ දුමාරය ආශ්වාස වීමෙන් වලක්වාගැනීම සඳහා පොළොව මට්ටමෙහි ඇති වාතය ආශ්වාස කරන්න

ලැව්ගින්නකින් පසු කළ යුත්තේ මොනවාද?

පටි දෙකක් සහිත දුහුවිලි අංශ වැලැක්වීමේ මුඛ ආවරණයක් භාවිතා කරන්න. සුන්බුන් ඉවත් කිරීමේදී තියුණු ද්‍රව්‍යයන්ගෙන් දෑත්වලට සිදුවිය හැකි හානි වලක්වා ගැනීමට සම් ඇත්වැසුම් භාවිතා කරන්න. දුහුවිලි අංශ ආශ්වාස වීමෙන් වැලැක්වීම සඳහා දැවීගිය සුන්බුන් තෙත් කරන්න. විදුලි බලය නොමැති නම් ප්‍රධාන බ්‍රේකර් ස්විච ධත‍ත‍ වී ඇතිදැයි පරීක්ෂා කරන්න. ගින්න හේතුවෙන් බ්‍රේකර් ස්විච ධත‍ත‍ වේ. එවා ධභ කිරීමෙන් පසුවත් විදුලි බලය නොමැති නම් විදුලිබල මණ්ඩලය අමත්න. අවම වශයෙන් නිවස වටා අඩි 30ක පමණ වටප්‍රමාණයක ගස් වැල් ආදිය ඉවත් කර ගින්නට ඔරොත්තු දෙන ශාඛ වවන්න.