කුණාටු
කුණාටුවක් අතරතුරදී කළ යුතු දේ ගැන එය ඇතිවීමට කලින්ම ඔබේ පවුලේ සාමාජිකයින් සමග කතාබහ කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් ඇතුඵ සියලූ දෙනාගේ බිය පහව යාමට එය හේතුවක් වේ.
ඔබේ පවුලේ සියලූ සාමාජිකයින්ට හදිසි මුදල් අවශ්‍යතාවයන් සපුරාගත හැකි බවට සැක හැර දැනගන්න.
NOAA කාලගුණ ගුවන් විදුලි විකාශය හෝ දේ්ශීය ගුවන්විදුලි විකාශයක් සමග සැමවිටම එක්වී සිටින්න.
හදිසි සිටත්ව යාමකට සූදානම්ව සිටින්න. ඔබ ගමන් ගන්නා මාර්ග හා නවතින ස්ථාන පිළිබඳව දැනුවත් වී සිටින්න.
බීම සඳහා පිරිසිදු ජලය ප්ලාස්ටික් බෝතල්වලට පුරවා ගන්න.
වැසිකිළි පිරිසිදු කිරීම, ගෙබිම සේදීම හා ඇඳුම් සේදීම වැනි කාර්යයන් සඳහා බාත්ටබ් හා සින්ක් වලට වතුර පුරවා තබන්න.
ඔබට කාලය තිබේ නම් ගෘහභාණ්ඩ හා අනෙකුත් වටිනා දේ නිවසේ උසම ස්ථානයෙහි තබන්න. එමෙන්ම විදුලි කාන්දුවීම් නිසා ඇතිවිය හැකි හානි වැලැක්වීම සඳහා සියලූම විදුලි උපකරණවල ප්ලග් ගලවා තබන්න.
ඔබ ඇතිකරන සතුන් ආරක්ෂිත දැයි විමසිලිමත් වන්න.
පිටත ඇති උපකරණ හා කසළ බඳුන් යනාදිය තද සුළගට හසුවී ගසාගෙන යා වැලැක්වීමට එවා ආරක්ෂිත ස්ථානවල තබන්න.
ඔබේ හදිසි කළමනා කට්ටලයෙහි අමතක වූ හෝ අඩුවී ඇති යමක් ඇතිදැයි පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම ෙඖෂධ හා ආහාර ද්‍රව්‍ය.
වැදගත් ලියකියවිලි හා අනෙකුත් වැදගත් දේ ආරක්ෂිත පෙට්ටියක් තුළ දමා එවායෙහි පිටපත් ඔබ රැගෙන යන කළමනා බෑගයෙහි දමාගන්න. තවදුරටත් ආරක්ෂාකාරී වීම සඳහා අවශ්‍ය නම් එම පිටපත් පෙන් ඩ්‍රයිව් එකටද ඇතුළත් කරගත හැකිය.
විෂ සහිත ද්‍රව්‍ය මුසු වී තිබීමට හෝ භයානක කෘමීන් හෝ සතුන් සිටීමට ඉඩ ඇති නිසා එක්රැස් වී ඇති වැසි ජලය ඇල්ලීමෙන් වලකින්න.
ආරක්ෂාකාරීදැයි පරීක්ෂා කරන තෙක් ගෑස් හා විදුලි උපකරණ භාවිතා නොකරන්න.
නිවසේ පිටත විදුලි රැහැන් කඩා වැටී ඇත්නම් එAවා අසළට යාමෙන් වැළකී සිටින්න.